Advertisement


මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශ මූලික කරගෙන ඇතිවූ කොරෝනා පොකුර යම් තරමකට පාලනය වෙමින් ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය සඳහා සඳහන් කරයි.

සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ කටුනායක නිදහස් වෙළඳ කලාපය අවට කොරෝනා ආසාදිතයන් වාර්තා වෙමින් තිබීම අවදානම් සහගත තත්ත්වයක් බවයි.

එසේ නමුත් මෙම තත්ත්වයන් පාලනය සඳහා වූ උපරිම උත්සාහයක් දරමින් සිටින බව ද ඒ මහතා කියා සිටියේය.

මාධ්‍ය වලට තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට කරමින් ලිපියක් නිකුත් කර ඇතැයිද පැවසූ ඔහු වෘත්තිය සමිතිවල අදහස් පළ කිරීමේ අයිතිය වාරණය කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට නොහැකි බවත් කියා සිටියේය.

කෙසේ නමුත් කොරෝනා ව්‍යාප්තිය දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට භාවිත නොකරන්න දෙසද වෘත්තීය සමිතිවලින් ඔහු ඉල්ලා සිටියේය.

කටුනායක ගාමන්ට් දෙකක් වහන්න යෝජනාවක්

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලා දෙකක් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය ඇමතිවරියගේ අවධානයට යොමු කළ බොහෝ ගම්පහ ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

එම කර්මාන්ත ශාලාවන්හි කොරෝනා වෛරසය පැතිරෙන සීඝ්‍රතාවය අනුව තත්වය පාලනය කිරීම මෙම යෝජනාව ඉදිරිපත් කළේ යැයි ඔහු පැවසීය.

ගම්පහ දිස්ත්‍රික්කයයෙන් අද දිනයේ කොරෝනා ආසාදිතයන් 79 දෙනෙකු වාර්තා වී ඇති අතර එම දිස්ත‍්‍රික්කයෙන් සමස්ථ ආසාදිතයන් 1483 සොයාගෙන තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements