ඇල්පිටිය, බටපොළ, නියාගම හා අහංගම හතරකට කොරෝනා - දානමය පිංකමටත් ගිහින් - බස් රථ කිහියකත් ගමන් කරලා : COVID-19
corona
,
gossip
,
gossipmain
,
News
අධීවේගී මාර්ග බස් රථය ඇතුළු තවත් බස් රථ කිහියක ගමන් කරලා
ගාල්ලේ පදිංචිව සිටි දිවුලපිටිය කර්මාන්තශාලා සේවක සේවිකාවන් කිහිප දෙනකු කොවිඩ් – 19 ආසාදිතයන් බවට හඳුනාගැනීම හේතුවෙන් ගාල්ලේ බාහිරි සමාජයතුළ අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට තීරණය කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කංචිත සමරරත්න මහතා අද (07) සඳහන් කළා.
ඇල්පිටිය, බටපොළ, නියාගම හා අහංගම ප්‍රදේශවල පදිංචි සිව් දෙනකු මේ වනවිට කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා.
ඒ අතරින් බටපොළ පදිංචිකරුවා පොදු ප්‍රවාහන සේවා කිහිපයක්ම භාවිතා කර ඇති බැවින් ඔහු ගමන්ගත් ප්‍රදේශ ඉලක්ක කරගනිමින් පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
බටපොළ පදිංචි ආසාදිත තැනැත්තා අධීවේගී මාර්ග බස් රථය ඇතුළු තවත් බස් රථ කිහියක ගමන් කර ඇති බවත් එම බස් රථ හඳුනාගැනීමට බුද්ධි අංශ සමග කටයුතු කරන බව ද සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.
අහංගම පදිංචි කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ (06) කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී ඇති අතර මෙම කාන්තාව නිවස ආසන්නයේ පැවැති දානමය පිංකමකට සහභාගී වී ඇති බව වාර්ථා වනවා.
එම දානමය පිංකමට කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟළුම් කර්මාන්තශාලාවක සේවිකාවන් හය දෙනකු ද සහභාගී වී ඉන් පසු සේවයට වාර්තා කර තිබෙනවා.
දානමය පිංකමට සහභාගී වූ පුද්ගලයන් මේ වනවිට සමාජය තුළ සැරිසරා ඇති බැවින් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ සිදුකිරීම අද (07) ආරම්භ කරන බව ද වෛද්‍ය සමරරත්න මහතා පවසනවා.
ඇල්පිටියේ පදිංචි කොරෝනා ආසාදිත බව තහවුරුකර ගත් කාන්තාවගේ දරුවකු මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින බවත් එම දරුවා අම්බලන්ගොඩ ප්‍රදේශයේ උපකාරක පන්ති සඳහා සහභාගී වී ඇති බවත් අනාවරණය වී තිබුණා.

