Advertisement


මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනය ආශ්‍රිතව ඇතිවී තිබෙන කොරෝනා පොකුරේ ආසාදිතයන්ගේ වෛරස සාන්ද්‍රනය ඉතාම ඉහළ මට්ටමක පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනනයෙන් මේ බව දැනගන්නට ලැබූ බව එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.

මීට පෙර හමුවූ සියලු රෝගීන් ගේ මූලාශ්‍රයන් සොයාගැනීමට හැකියාව ලැබුණ ද මෙම කාන්තාවට ආසාදනය වූ මූලාශ්‍රය ගැන තොරතුරක් නැති වීම ඉතාම භයානක තත්වයක් බවද ඔහු සඳහන් කළේ ය.

ඇඟලුම් ශාලාව තුළ හෝ සමාජය තුළ වෛරසය තිබී ඇති බව මෙයින් පෙනී යන බවද ඔහු සඳහන් කළේය.

මෙම ආසාදිතයන් සියලු දෙනාගේම වෛරස සාන්ද්‍රනය ඉතා අධික නිසා ඔවුන්ගෙන් තවත් විශාල පිරිසකට බෝවීමේ ඉහල අවදානමක් ඇතැයිද ඔහු අනතුරු ඇඟවීය.

පෙරට වඩා වෛරසයේ ස්වරූපය වෙනස් වීමක් ඇතැයි නිරීක්‍ෂණය යන බවත් එනිසා මෙම තත්ත්වය ඉතා හොඳින් කළමනාකරණය කර ගත යුතු බවද ඔහු සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements