Advertisement


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තවත් සිසුවියකට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

එම සිසුවිය මීට පෙර වෛසරය ආසාදනය වූ බවට තහවුරු වූ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවිය නවාතැන් ගෙන සිටි පෞද්ගලික නවාතැනේ මිතුරියක් මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරයි.

මේ වනවිටත් එම විශ්වවිද්‍යාලය තුළ නේවාසිකය සිටින සිසු සිසුවියන් පිරිසක් නිරෝධායනයට යොමු කිරීමටද එහි පාලනාධිකාරිය කටයුතු කර ඇත.

රුහුණේ සිසුවියකගේ පියෙකුටත් කොරෝනා

මාතර වැල්ලමඩම ප්‍රදේශයේ පිහිටි රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකගේ පියෙකුටද මේ වනවිට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් අදාළ ශිෂ්‍යාව සහ ඇය සමග දෙවුන්දර, කපුගම ප්‍රදේශයේ පිහිටි නවාතැන්පළක රැඳී සිටි තවත් සිසුවියක්ද නිරෝධානයට යොමුකර ඇති බව වාර්තා වේ.

පසුගිය සැප්තැම්බර් මස 27 වන දින එම ශිෂ්‍යාවගේ පියා, ඇය බැලීමට නවාතැන්පළට ගොස් ඇති අතර, ඔහු කඳාන ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය නියුතු අයෙක් බවට අනාවරණය වී තිබේ.

ආසාදිත පුද්ගලයාගේ දියණිය රුහුණු විශ්වවිද්‍යාලයේ පළමු වසර විද්‍යා පීඨ සිසුවියක් බවද වාර්තා වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements