Advertisement


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අමතා රූපවාහිනී නාලිකාවක් සිදු කළ විමසීමකදී මීට පෙර කොරෝනා රැල්ල ආ අවස්ථාවටත් වඩා දැන් රෝගීන් වැඩිවී තිබියදී ඇඳිරි නීතිය රටටම පනවා ලොක් ඩවුන් කිරීමට රජය ක්‍රියා නොකරන්නේ මන්දැයි හේතු පැහැදිලි කළේය.

ඔහු ඒ ගැන මෙසේ කීය.

‘අහන එක සාධාරණයි කලින් මෙච්චර රෝගීන් ගණනකට ගිහින් දැන් මෙච්චර වෙලත් ලොක්ඩවුන් නොකරන්නෙ කියලා. ඒකට උත්තරේ තියෙන්නෙ මේ රෝග නවතන්න කවුද කටයුතු කරන්නෙ යන්න මත. පළමුව රජය දෙවනුව සෞඛ්‍ය සේවාවේ ධාරිතාව ඒක හොඳ මට්ටමක තියනවා. තෙවැන්න තමා මහජනතාවගෙන් ලැබෙන දායකත්වය. මේ කණ්ඩායම් 3 ම අර පළමු අවධියේ සූදානම්ව හිටියෙ නැහැ. නමුත් දැන් ඒ කණ්ඩායම් 3 ම සූදානම්.

ඒක නිසා දැන් අපි මේ රෝගයට මුහුණදෙන විදිහ වෙනස්.පළමු අවස්ථාවෙ වගේ රටම ලොක් ඩවුන් කරල නෙමේ දැන් යන්නෙ ඩ්‍රීම් කියන කන්සෙප්ට් එක. ඒ කියන්නේ ඩී කියන්නේ ඩිස්ටන්සිං, ආර් ඊ කියන්නේ ස්වසන ආබාධයක් තියනවනං ඒ කෙරෙහි තමන් කටයුතු කළ යුතු ආකාරය. ඊළඟට ඒ කියන්නෙ ඒ සෙප්ටික් ටෙක්නික් මේක අත්වලින් තමා වැඩිපුර පැතිරෙන්නෙ

අතසෝදාගෙන හරි සැනිටයිසර් මගින් ආරක්ෂාවීම. ඊළඟට එම් කියන්නේ මාස්ක් මගින්. මේ ක්‍රම අපි අනුගමනය කරනව නම් ලොක් ඩවුන් අවශ්‍ය නැහැ.’

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements