Advertisement


වැල්ලවත්ත පෞද්ගලික බැංකුවක සේවය කරන අලෙවි ප්‍රවර්ධන නිලධාරීන් දෙදෙනෙකුට සහ ඔවුන්ගේ මව්වරුන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී බවට ඊයේ (17) වාර්තා වූ බව පිළියන්දළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

මෙසේ වෛරසය ආසාදනය වී ඇත්තේ මහරගම, ඇරැව්වල, පතල්වත්ත ප්‍රදේශයේ නිවසක සහ පැලැන්වත්ත කුරුලු උයන ප්‍රදේශයේ පවුල් දෙකකට අයත් අය බව පැවසෙනවා.

ගනේමුල්ල බැංකු ශාඛාවක ආසාදිතයකු වැල්ලවත්ත බැංකු ශාඛාවට පැමිණීමත් සමග එහි නිලධාරියෙකුට ඉකුත් 12 දා කොවිඩ් 19 වෛරස ආසාදනය වී තිබුණා.

ඒ අනුව එම බැංකු ශාඛාවේ සේවය කළ නිලධාරීන් දින දාහතරක් ස්වයං නිරෝධනයට ලක්කොට ඉකුත් (14) දා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී,මෙම පවුල් දෙකෙහි මව්වරුන් දෙදෙනාට සහ පුතුන් දෙදෙනාට වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පවසනවා.

මෙම රෝගීන් ආ ගිය බව කියන නිවෙස් හයක් ද ත්‍රීරෝද රථයක් හා එහි රියදුරු ද මහරගම නගර මධ්‍යයේ රන් භාණ්ඩ අලෙවි සැලක්ද ,ආසාදිතයින් ගමන් කළ වෙළඳසැලක් නිරෝධායනයට ලක් කොට වයස අවුරුදු පහක සහ එකොලහක දරුවන් දෙදෙනෙකු ඇතුළු හතළිස් දෙනකු හෙට පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමට නියමිත බව ද පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා.

මෙම අසාදිතයින්ගේ ආශ්‍රිතයින් 40ට ආසන්න පිරිසක් මේවන විට නිරෝධායනයට යොමු කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements