Advertisement


කොළඹ අපරාධ කොට්ඨාසයට භාරයට ගත් ප්‍රබල අපරාධ කල්ලි නායකයෙකු වන සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිකර තිබෙනවා.

හෙළි කළ තොරතුරුවලට අනුව ඊයේ සොයාගත් හෙරොයින් තොගය මුස්ලිම් ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සුබයිරෝ සුමේධගේ බවට තහවුරු වී තිබෙනවා.

ඒ, එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සහ මාකඳුරේ මධුෂ් එකිනෙකට මුණගස්වා සිදුකළ ප්‍රශ්න කිරීම්වලදියි.

එම සැකකරුගෙන් ලද තොරතුරකට අනුව හෙරොයින් කිලෝග්‍රෑම් 100 කට අධික ප්‍රමාණයක් පසුගියදා සොයාගනු ලැබුවා.

ඒ සැකකරු තවත් සැකකරුවන් තුන් දෙනෙකු සමඟ මෙරටින් පළා යෑමට සූදානමින් සිටි අවස්ථාවේදීයි.

එහිදී සැකකරු සන්තකයේ තිබී ටී-56 ගිනි අවි 03ක් සහ පතොරම් 170ක ප්‍රමාණයක්ද සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

ඒ අනුව මාකඳුරේ මධූෂ්ගෙන් ලද තොරතුරු මත අද සොයාගෙන ඇත්තේ එම සැකකරුට අයත් හෙරොයින් කිලෝග්‍රෑම් 10ක්.

වසර එකහමාරකට ආසන්න කාලයක් රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි මාකඳුරේ මධුෂ් ඊයේ කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදෙනු ලැබුවා.

ඒ, මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලට අවශ්‍ය තොරතුරු ලබාගැනීම සඳහායි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements