Advertisement

සෝදිසියෙන් කෝටි 22ක් වටිනා මත්ද්‍රව්‍ය කිලෝ 22ක්

මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 22ක් සොයා කළ සෝදිසි මෙහෙයුමක් අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් වෙඩිවැදි මරණයට පත්ව තිබේ.

ඔහු එම ස්ථානයට රැගෙන ගොස් ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසිනි.

අද (20) අළුයම එම වැටලීම සිදුකර තිබේ.

එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඇත.

ඉන් අනතුරුව ඇති වූ වෙඩි හුවමාරුවෙන් මාකඳුරේ මධූෂ්ට සහ CCD නිලධාරින් දෙදෙනෙකුට තුවාල සිදුවී තිබේ.

ඉන් මාකඳුරේ මධූෂ් මරණයට පත්වී තිබේ.

අනතුරුව එම ස්ථානයේ සිදුකළ සෝදිසියෙන් කෝටි 22ක් වටිනා මත්ද්‍රව්‍ය කිලෝ 22ක්, පිස්තෝල දෙකක් සහ යතුරුපැදියක් සොයාගෙන තිබේ.

වසර 1 1/2කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි මාකඳුරේ මධුෂ් පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 16) වැඩිදුර පරික්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දුනි.

ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මාකඳුරේ මධුෂ් ලබාදුන් තොරතුරකට අනුව කොටිකාවත්ත ප්‍රදේශයේ සඟවා තිබූ හෙරොයින් කිලෝ 10ක් සොයා ගැණුනි.

වසර ගණනාවක් ඩුබායිහි රැඳී සිටි මාකඳුරේ මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බුද්ධි මෙහෙයුමකින් අනතුරුව පසුගිය වසරේ දී මෙරටට රැගෙන එන ලදි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements