Advertisement


කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සිදු කරන PCR පරීක්ෂණ තනිකරම වංචාවක් බව ශ්‍රී ලංකා රසායනාගර සංගමය සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කරයි.

PCR පරීක්‍ෂණ මාෆියාවක් වී ඇති බවත් ඊට සෞඛ්‍ය අමාත්‍යාංශයද සම්බන්ධ බවත් ඔහු චෝදනා කරයි.
පුද්ගලික අංශ හා විශ්වවිද්‍යාල වලින් සිදු කරන පරීක්ෂණවල නිවැරදිතාවය පිළිගත නොහැකි බවද ඔහු කියා සිටී.

අද වන විට මෙම පරීක්ෂණ සිදුකරන්නේ එක එක අයට ඕන ආකාරයට මිස කිසිදු ප්‍රතිපත්තියක් අනුව නොවන බවත් ඔහු පවසයි.

අද වන විට රෝගය බෝ වීමේ ප්‍රවණතාවය ඉතා ඉහළ බවත් කොතරම් පිරිසක් සමාජයේ ආසාදිතයන් ඉන්නවා දැයි නොදන්නා බවත් ඔහු කියා සිටියේය.

කොරෝනා වෛරසය දැන් සමාජයේ ව්‍යාප්ත වෙලා අවසන් බවත් ආණ්ඩුව විසින් පවසන්නේ බොරු බවත් ඔහු සදහන් කරයි.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල නාලිකාවක් සමග අදහස් පළ කරමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements