ඉන්දියාවෙන් ගෙන්වූ කිසිම බ්‍රැන්ඩික්ස් සේවකයෙකු අප යටතේ නිරෝධායනය වූයේ නෑ - මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය : PHI
gossip
,
mini-gossip
,
News
,
PHI
ඉන්දියාවේ සිට බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් ගෙන්වන ලද ඔවුන්ගේ සේවකයන්ගෙන් කිසිවෙකු තමන් යටතේ නිරෝධායන වී නැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සඳහන් කරති.
ඩේලි මිරර් පුවත්පත වෙත මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කර ඇත්තේ ඉන්දියාවේ විසාකාපට්නම් සිට ගෙන්වන ලද සේවකයන් මුල් දින 14 හෝටලයක නිරෝධායන වූ බව පැවසුවද ඊළග දින 14 ක කාලය ස්වයං නිරොදායනය විය යුත්තේ තම නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ බවයි.
නමුත් එම කිසිවෙකු දෙවන දින 14ක කාලය ස්වයං නිරෝධායනය තම සංගමය යටතේ සිදු වී නැති බවද සංගමය අවධාරණය කර ඇත.
එමෙන්ම ඩේලිමිරර් පුවත්පත එසේ පැමිණි සේවකයන් ගැන තොරතුරු මත්තල ගුවන්තොටුපල හා ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයෙන් ඉල්ලා සිටියද තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කල බවද වාර්තා කර තිබේ.

