Advertisement

පොලිස් විද්‍යාල පරිශ‍්‍රයෙන් රාත‍්‍රියේ පැනගිහින්
නිවැසියන් දකුණු කළුතර පොලිසියට දැන්වයි

කළුතර ශ‍්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ නිරෝධායනය වෙමින් සිටි මිනුවන්ගොඩ පොලිසියේ පොලිස් රියැදුරකු ඉකුත් සිකුරාදා රාති‍්‍රයේ එම ස්ථානයෙන් පැන ගොස් බීමත්ව මහමඟ වැටී සිටියදී දකුණු කළුතර පොලිසිය භාරයට ගෙන ඇත. කොරෝනා ව්‍යසනය හේතුවෙන් වසා දැමුනු මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරීන් 53 දෙනකු නිරෝධායනය සඳහා කළුතර ශ‍්‍රී ලංකා පොලිස් විද්‍යාලයට එවා තිබූ අතර මෙම පොලිස් රියැදුරු ද ඉන් එක් අයෙක් වනවා.

පොලිස් විද්‍යාල පරිශ‍්‍රයෙන් රාත‍්‍රියේ පැන ගොස් ත‍්‍රිරෝද රථයකින් කළුතරට පැමිණ ඇති මොහු මත්පැන් පානය කර ඇති බව අනාවරණය වී තිබේ.

ඉන්පසු කළුතර ගමගොඩ රජවත්ත ප‍්‍රදේශයේ නිවසක් අසල මොහු බීමත්ව වැටී සිටියදී එහි නිවැසියන් මේ බව දකුණු කළුතර පොලිසියට දැන්වීමෙන් පසු පොලිස් නිලධාරීන් එහි ගොස් ඇත.

මොහු මිනුවන්ගොඩ පොලිසියට අනුයුක්තව රාජකාරි කරන අයකු බවත්, පොලිස් විද්‍යාලයේ නිරෝධායනය වෙමින් සිටියදී පලා ආ බවත් හෙළි වී ඇත්තේ මොහු දකුණු කළුතර පොලිසියට ගෙන ආ පසුවය.

ඒ අනුව මෙම පොලිස් නිලධාරියා සහ ඔහුව දකුණු කළුතර පොලිසියට ගෙන ආ උප පොලිස් පරීක්‍ෂකවරයකු, පොලිස් කොස්තාපල්වරයකු හා පොලිස් රියැදුරකු ද නිරෝධායනය සඳහා පොලිස් විද්‍යාලයටම ගෙන ගොස් තිබේ.

කිසියම් පුද්ගලයකු මහමඟ වැටී සිටින බව පොලිසියට දැන්වූ නිවෙස් හිමිකරු ඇතුළු එම නිවසේ නිවැසියන් අටදෙනකු ද මේ වන විට එම නිවස තුළම නිරෝධායනයට ලක්කර ඇත.

පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සිට කළුතර නගරය දක්වා මේ පුද්ගලයා ප‍්‍රවාහනය කළ ත‍්‍රිරෝද රථ රියැදුරු හඳුනා ගැනීම සඳහා දැන් පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ.

මේ අතර කළුතර ශ‍්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ නිරෝධායනය වෙමින් සිටියදී පලාගොස් බීමත්ව මහමඟ වැටී සිටි බව කියන මිනුවන්ගොඩ පොලිසියට අනුයුක්ත පොලිස් රියැදුරු පිළිබඳව දකුණු කළුතර පොලිසිය කළුතර වැඩබලන මහෙස්ත‍්‍රාත් වජිර ලක්‍ෂ්මන් අසුරප්පුලි මහතා වෙත පසුගිය ‘B’ වාර්තාවක් මගින් කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

මොහු නිරෝධායන නීති කඩ කිරීම හා පොලිස් විද්‍යාලයෙන් පැන යෑම පිළිබඳව පරීක්‍ෂණ පවත්වන බව කළුතර මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සුනෙත් ශාන්ත මහතා ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements