Advertisement



මේ යන ආකාරයට තවත් වසර කිහිපයක් ඇතුලත ශ්‍රී ලංකාව ස්ථිර වශයෙන්ම චීන කොලණියක් බවට පත්වන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඊට එරෙහිව ශ්‍රී ලංකාව ඇමරිකානු කොලනියක් බවට පත්කර ගැනීමේ මෙහෙයුමක් ද ක්‍රියාත්මක වන බවත් ඒ සදහා වන ඇමෙරිකානු දූත කණ්ඩායම නුදුරේදීම ලංකාවට පැමිණෙන බවත් ඔහු පවසයි.
විසිවෙනි සංශෝධනය වනු ශ්‍රී ලංකාව චීන කොලනියක් බවට පත්වීමට එෙරහිව ඇමරිකානු කොලනියක් බවට පත්කර ගැනීමේ කුමන්ත්‍රනය බවද ඔහු පෙන්වා දෙයි.

ජනතාව විශ්වාසය තබා ජනාධිපතිවරයෙකුට ආණ්ඩුවකට රට බාර දී ඇත්තේ රට රැක ගැනීමට නමුත් ඔවුන් රට පාවාදෙනවා නම් ජනතාව අසරණයි කියා බලා නොසිටිනු ඇති බවත් ජනතාවට තම බලය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවක් එළඹෙනු ඇතැයි ද ඔහු පසුගියදා කියා සිටියේය.

විජේදාසගේ ආරක්ෂක නිලධාරින් සංඛ්‍යාව අඩුකරයි

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව නිලධාරීන් 3 දෙනෙකු දක්වා අඩු කර ඇති බව වාර්තා වේ.

එතුමාගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධාරීන් 5 දෙනෙකු යොදවා තිබුණු අතර මෙලෙස හදිසියේ එම තීරණය ගෙන ඇත්තෙ කුමන හේතුවක් නිසා දැයි තමවත් අපැහැදිලි බව විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements