Advertisement


කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 05 දෙනකු මියගොස් තිබේ.

මෙම පිරිස සමඟ මෙරට වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 58 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද එම පුද්ගලයන්ගේ තොරතුරු මෙසේය.

කොළඹ ද 13 ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකු ජාතික රෝහලේදී මිය ගොස් ඇත. දීර්ඝ කාලයක සිට පෙනහළු පිළිකා රෝගය සමග කොරෝනා ආසාදනය මරණයට හේතුව ලෙස සඳහන් වෙයි.

39 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු හෝමාගම රෝහලේදී මිය ගොස් තිබේ. පිළිකා රෝගය සහ කොරෝනා නිව්මෝනියා තත්ත්වය මරණයට හේතුව ලෙස සඳහන් කර ඇත.

88 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු හෘදයාබාධයක් හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීම මියගොස් තිබේ. මරණයට හේතුව ලෙස සඳහන් වන්නේ කොරෝනා ආසාදනය වීම සමග ඇතිවූ හෘදයාබාධයයි.

79 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු තම නිවසේදීම මියගොස් තිබේ මරණයට හේතුව ලෙස සඳහන් වන්නේ කොරෝනා ආසාදනය සමග නිදන්ගත පෙනහළු රෝගය උත්සන්න වීමයි.

88 හැවිරිදි කොළඹ 13 හැවිරිදි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දීම මිය ගොස් ඇත. කොරෝනා ආසාදනය සමග හෘදයාබාධයක් වැළඳිම මරණයට හේතුව ලෙස සඳහන්ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements