Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

මෙම ශල්‍යකර්ම සඳහා වැය වුණේ පැය එකහමාරයි

ලංකාවේ ප්‍රථම වරට වොට් 140 ක අධි බලැති ලේසර් කිරණ මාර්ගයෙන් පුද්ගලයෙකුගේ දකුණු පැත්තේ වකුගඩුවේ තිබූ සෙන්ටි මිටර් 4 ක් පමණ විශාල ගලක් මිලිමිටර් 4 ක පමණ ඉතා කුඩා සිදුරකින් ඉවත් කිරීම කළුතර නාගොඩ මහ රෝහලේ වකුගඩු හා මෞත්‍ර ලිංගික විශේෂඥ වෛද්‍ය කලන පරන පල්ලියගුරුගේ මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් විසින් ඊයේ (18) ඉතා සාර්ථකව සිදු කළා.

මෙම ශල්‍යකර්මයට භාජන වූ පුද්ගලයා කළුතර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 52 ක පුද්ගලයෙකි 
මීට වසර 8 පමණ ඉහත දී ඔහුගේ දකුණු වකුගඩු වේම ගලක් ශල්‍යකර්මයකින් ඉවත් කර තිබූ අතර ඒ සඳහා අඟල් 8 ක් පමණ විශාල කැපුමක් යොදා තිබුණා.

යළිත් වසර 8 කට පසු ඔහුට දකුණු වකුගඩුවේම සෙන්ටි මීටර් 4 ක ප්‍රමාණයේ සංකීර්ණ (staghorn) ස්ටැජ්හොන් ගලක් ඇතිවීමෙන් සැත්කමක් සිදු කිරීමට වී තිබෙනවා.

විශේෂඥ වෛද්‍ය කලන පල්ලියගුරුගේ මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම එම රෝගියාගේ රෝග ඉතිහාසය ලබාගෙන එම රෝගියා සීටී ස්කෑන් පරීක්ෂණයට ලක් කල තිබූ අතර එහිදී දකුණු වකුගඩුවේ ගලක් තිබෙන හෙළි වීමෙන් අනතුරුව මම ශල්‍යකර්මයට භාජනය කිරීමට පියවර ගත් බව නාගොඩ මහ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසුවා.

එම ශල්‍යකර්මය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කළුතර නාගොඩ මහ රෝහලේ වකුගඩු හා මාතෲ ලිංගික විශේෂඥ වෛද්‍ය කලන පල්ලියගුරුගේ මහතා මෙසේ සඳහන් කළා.

“කලින් වතාවේ උදරයේ විශාල කැපුමකින් ශල්‍යකර්මයක් කර තිබූ නිසා එම රෝගියාට ගැලපෙන්නෙ p c n l ශල්‍යකර්මයක් බව අපි තීරණය කළා .අපි එහිදී ඉතාම සියුම් ආකාරයෙන් එක්ස් කිරණ යොදා ගෙන ඉඳිකටුවක් එම හම හරහා වකුගඩුව වෙත ඇතුළු කළා .එක්ස් කිරණ ආධාරයෙන් එම ඉඳිකටුව ගමන්ගත් මාර්ගය හරහා මිලිමිටර් 4 ක පමණ විශ්කම්භයකින් යුතු ඉතා කුඩා බටයක් වකුගඩු තුළට යොමු කරනු ලැබුවා .ඊට පසුව එම බටය තුළින් ඉතා කුඩා (nephroscope) කැමරාවක් සහිත උපකරණයක් යොමුකර ගල නිරීක්ෂණය කරමින් අධි බලති ලේසර් කිරණ මගින් සෙන්ටිමීටර 4 විශාල ගල ඉතා සියුම් ධූලි අංශු බවට පත් කළා. එම අංශු සියල්ලම ඉහත බටය ආධාරයෙන් නිරීක්ෂණය කරමින් පිටතට ගත්තා.”

“මෙම ශල්‍යකර්ම සඳහා වැය වුණේ පැය එකහමාරක් වැනි ඉතාම සුළු කාලයක්යම් පුද්ගලයෙකුගේ වකුගඩුවේ ගල් පැමිණියහොත් පෙර පරිදි කපා ඉවත් කරන්න අවශ්‍ය නැහැ .එහෙම ශල්‍යකර්මය කලත් නැවත ආයෙත් ගල් එන්න පුළුවන්.”

“ඒ වගේම මෙම ශල්‍යකර්මය ලක් කළ පුද්ගලයාට දින තුන හතරක් තුළදී තම සුපුරුදු කාර්‍යයන් කාර්යයන් සඳහා යොමුවන්න පුළුවන්. අතුරු ආබාධ නැහැ.”

“පෙරවගේ ශල්‍යකර්ම සිදු කළොත් ඔහුට සති තුන හතරක් යන්න පුළුවන් සුපුරුදු කාර්යයන් සඳහා යොමුවන්න .නමුත් ඔහුට එම කාලය තුළ බර වැඩ කරන්නත් හොඳ නැහැ .මෙම ශල්‍යකර්මය ඉතාම සාර්ථක ශල්‍යකර්මයක් බව කියන්න පුළුවන්.”

“මෙම ශල්‍යකර්මය සඳහා කළුතර නාගොඩ මහරෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය එරන්ජිකා කුලතිලක මහත්මිය ප්‍රමුඛ නිර්වින්දන කණ්ඩායමක්, වකුගඩු හා මෞත්‍ර ලිංගික ශල්‍ය ඒකකයේ සියළුම වෛද්‍යවරු, ශල්‍යාගාරයේ “ඩී” හෙද සොහොයුරිය, හෙද නිලධාරින්, විකිරණ ශිල්පීන්, සෙසු කාර්ය මණ්ඩලය යුහුසුලුව දායක වුණා.”

කළුතර නාගොඩ මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය තමර කළුබෝවිල මහතා මෙසේ පැවසුවා.

“සුවිශේෂී ශල්‍ය කර්මයක් බව කියන්න පුළුවන් . කළුතර නාගොඩ මහ රෝහලට වගේම සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයට අභිමානයක් ගෙන දුන් එම ශල්‍යකර්මය සිදුකළ වකුගඩු හා මෞත්‍ර ලිංගික විශේෂඥ වෛද්‍ය කලන පල්ලියගුරුගේ මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමට මාගේ මෙන්ම නාගොඩ මහරෝහලේ වෛද්‍යවරු ඇතුළු සෙසු කාර්ය මණ්ඩලයේ සුභාශිංශනය පිරිනමනවා.”




gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook