Advertisement


වාහන ආනයන සීමා ලිහිල් කිරීමට රජය කිසිසේත් බලාපොරොත්තු නොවන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල පැවසීය. ඒ වෙනුවට රට තුළ වාහන එකලස් කළ හැකි නම් ඕනෑම සහයෝගයක් ලබාදෙන බවද ලේකම්වරයා සඳහන් කළේය.
“වාහන පිටරටින් ගේන්න අවසරදීම ගැන දැනට තීරණයක් අරන් නෑ. වාහනයක් ද, මුළු රටක්ද කියලා තමයි අපි බලන්නේ. අපිට මේ මාස දහයක් විතරම විනිමය අනුපාතය රුපියල් එකසිය අසූ පහ මට්ටමේ තියාගන්න පුළුවන් වුණා. වාහන ගේන්න ඉඩ දුන්නා කියලා කියන්නේ මේක යනවා. මේ වාහන රටේ එකලස් කරනවා නම් අපි ඕනෑම සහයෝගයක් දෙනවා. මෝටර් බයිසිකලයක් හරි එකලස් කරනවා නම් ඒක මේ රටේ ආර්ථිකයට අගයක් එකතු කරනවා. ආනයනය නවත්වනවාම කියලා නෙමෙයි මම මේ කියන්නේ. අපි එහෙම කරන්නෙත් නෑ. සමහර නිෂ්පාදනවලට අමුද්‍රව්‍ය පිටරටින් ගේන්න වෙනවා. සමහර නිමි භාණ්ඩ අපි ගේන්නේ නෑ. කහ ගේන්නෙත් නෑ,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

නයන තරංග ගමගේ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements