Advertisement


ඊයේ (08) දිනයේ දී නව ආසාදිතයින් 510 දෙනෙක් වාර්තා වු අතර ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවී තිබෙනවා.

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර ඇති ආකාරයට එම ආසාදිතයින් ගණන 199 දෙනෙකි.

කොළඹ 1 – 18 යන ප්‍රදේශවලින් ආසාදිතයින් 129 දෙනෙක් වාර්තා වී ඇති අතර, 9 දෙනෙක් වැල්ලම්පිටිය ප්‍රදේශයෙන්, කොස්ගමින් 10 දෙනෙක් හා කොළඹ නගර සීමාවෙන් ආසාදිතයින් 14ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ දී නව ආසාදිතයින් 183 දෙනෙක් වාර්තා වු බව එම මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

ඉන් වැඩිම පිරිසක් හැඳල හා වත්තල යන ප්‍රදේශවලින් වාර්තා විය. ඒ ආසාදිතයින් 20 දෙනා බැගිනුයි.

මේ අතර, තවත් ආසාදිතයින් 19 දෙනෙක් ගම්පහ ප්‍රදේශයෙන් හා රාගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 12 දෙනෙක් වාර්තා වනවා.

කළුතර දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 6 දෙනෙක් වාර්තා වී ඇති අතර, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 12ක්, ගාල්ලෙන් 9 දෙනෙක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 4ක්, මහනුවරින් ආසාදිතයින් 3 ක් හා නුවරඑළියෙන් ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වී තිබෙනවා,

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements