Featured News

Video Gossip

Advertisement

මම ගෙවපු සල්ලිවලින් රුපියල් 20,000 ක් ආපසු දුන්නා

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පෙරේදා (7) රාත්‍රියේ කොළඹ නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට පැමිණි පුද්ගලයකුගේ පී.සී.ආර්. පරීක්ෂණයක් කර ඇති එම රෝහල ඔහු කොවිඩ් ආසාදිතයෙක් බව පවසමින් එම තැනැත්තාගේ තනියට ගිය දියණියද සමගින් ඉරණවිල නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවා ඇත.

එම රෝහලේම ගිලන් රථයකින් මැදියම් රැයේ පියා සහ දියණිය නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර පසුව ගිලන් රියේ ගාස්තුවද රෝගියාගෙන් ඉල්ලා ඇත. දියණියගේ කිසිදු පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු නොකර තමන් සමග ඇය ද නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කිරීම වරදක් බව පවසන මෙම පුද්ගලයා ඇඳ සිටින ඇඳුම හැරෙන්නට තමාට දියණියට අමතරව ඇඳුම් හෝ වෙනත් අත්‍යවශ්‍ය දේවල් කිසිවක් නොමැතිව දැඩි අපහසු තත්ත්වයකින් පසුවන බවද කීය.

වෛද්‍ය පරීක්ෂණය වෙනුවෙන්ද තමන් අදාළ රෝහලට මුදල් ගෙවා ඇති මුත් එම පරීක්ෂණය ද සිදු නොකළ බව මෙම සිද්ධියට මුහුණ දුන් මොරටුවේ සමින්ද ප්‍රනාන්දු නමැත්තා පැවැසුවේය.

‘‘හෘදයාබාධයක් නිසා මීට දින කීපයකට කලින් කළුබෝවිල රෝහලේ නැවතී ප්‍රතිකාර ලබාත්තා. සුවවූ පසුව රෝහලෙන් පිටත් කර හැරියා. ඉන්පස්සේ එන්ජියෝ ග්‍රෑම් පරීක්ෂණයකට පෙරේදා ද මේ පෞද්ගලික රෝහලට ඇතුළත් වුණා. තනියට දුව හිටියා. එයාගේ වයස අවුරුදු 23 යි. මම මුලින්ම රුපියල් පනස්දාහක් ගෙව්වා.

මුදල් ගෙවූ පසු පළමුව ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණයක් කළා. ඒ අනුව මා ​කොවිඩ් ආසාදිතයකු බව කියමින් අදාළ වෛද්‍ය පරීක්ෂණය සිදු නොකර ඒ අයගේම ගිලන් රථයකින් මහ රෑ ඉරණවිලට ගෙනාවේ කිසිම පරීක්ෂණයකට ලක් නොකළ මගේ දුවත් එක්කමයි. අපිට අඳින්න ඇඳුමක් නැහැ, දත කට මැදගන්න විදිහක් නෑ.

මම කිව්වා දුව ගෙදර යවන්න කියලා. එහෙම බෑ දෙන්නම යන්න ඕනේ කියලා මම ගෙවපු සල්ලිවලින් රුපියල් 20,000 ක් ආපසු දුන්නා. ගිලන් රථයට රුපියල් 7,000 ක් ඉල්ලුවා. මම බැහැ කිව්වා. දැන් කිසිම ලෙඩක් නැති දුව කොවිඩ් ආසාදිත අය එක්ක මෙහේ ඉන්නවා. මගේ තවත් පී.සී.ආර් පරීක්ෂණයක් කරලා බලලා නිදහස් කරන්නම් කියලා ඉරණවිල බලධාරීන් කියනවා.

මේ ගැන මගේ ලොකු දුව අදාළ රෝහලෙන් ඊයේ විමසද්දී ඔවුන් කියා තිබෙන්නේ අපට ඩිස්චාජ් වෙලා යන්න කිව්වා කියලලු. එහෙම කිව්වේ නෑ. මාවයි, දුවවයි කාමරේට දාලා එළියට යන්න නොදී තියා ගත්තා’’ යැයිද සමින්ද ප්‍රනාන්දු කීවේය.


අජිත් අලහකෝන්
– aruna

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements