Featured News

Video Gossip

Advertisement


මැටි කර්මාන්තය භාරව කටයුතු කරන ප්‍රසන්න රණවීර අමාත්‍යවරයා පිළිබඳව පසුගිය දිනවල වැඩි කතාබහක් ඇතිවූ අතර සාම්ප්‍රදායික මැටි කර්මාන්තකරුවන් සතු හැකියාවන් වාණිජ මට්ටමින් ඉහලට ගෙන එම කර්මාන්තකරුවන් ගොඩ නංවන මහඟු කාර්යභාරයකට අමාත්‍යවරයා වැඩ ආරම්භ කිරීම එයට ප්‍රධාන හේතුවයි.

ඒ අනුව අමාත්‍යවරයාගේ සෘජු මැදිහත්වීම මත MAS ආයතනය සිය සේවිකාවන්ට වාර්ෂිකව ප්‍රධානය කරන ත්‍යාගය ලෙස මැටි කර්මාන්ත කරුවන් නිපදවන අලංකාර ගුරුලේත්තුවක් ලබා දීමට සැලසුම් සකස් කල අතර ඒ අනුව MAS ආයතනය ඇනවුම් කල ගුරුලේත්තු තොගය මාස 6ක් ඇතුලත ලබාදීමට කටයුතු සිදුවී ඇති බව සහ එම ඇනවුම වසර 20කට පසු බියගම මැටි කර්මාන්ත ශිල්පීන්ට ලැබුණ විශාලම ඇනවුම බවද වාර්තා වනවා.

මේ පිළිබඳව ප්‍රසන්න රණවීර අමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවේ දක්වා තිබුනේ මේ අයුරින්…

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ “MAS Intimates(PVT)Ltd.” ආයතනය අතර පසුගිය ඔත්තෝබර් මස 05 වන දින අත්සන් කල අවබෝධතා ගිවිසුමට අනුව එහි ප්‍රථම ඇණවුම ඊයේ(23) දින බියගම මැටි ගම්මානයේදී ලබාදීමට හැකිවිය.

ගිවිසුම අත්සන් කොට සති 06ක් තුල රාජ්‍ය ආයතනයකින් ඇණවුම ලැබීම පිළිබදව තමා බෙහෙවින් සතුටු වන බව “MAS Intimates(PVT)Ltd.” ආයතනයේ නිෂ්පාදන සහ මෙහෙයුම් අධ්‍යක්ෂක රුවන් කෑරගල මහතා පැවසීය.

තමන් හට වසර 20න් මෙවැනි ඇණවුමක් ලැබී නොමැති බව බියගම මැටි ගම්මානයේ කර්මාන්ත කරුවන් පවසයි.






gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements