Featured News

Video Gossip

Advertisement

ආරම්භය නැව් තටාකාංගයේ සේවය කරන කොරෝනා ආසාධිතයකුගෙන්

අහුන්ගල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසය තුළ කටුවිල කොරෝනා පොකුරෙන් මේ වන විට කොරෝනා වෛරසය අසාධිත රෝගීන් තිස් දෙනෙකු (30) හදුනාගෙන තිබෙන බව අහුන්ගල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක චින්තක සේනාධිරත්න මහතා ප්‍රකාශ කළේය.

අහුන්ගල්ල කටුවිල ප්‍රදේශයේ මළ ගෙදරකට නැව් තටාකාංගයේ සේවය කරන කොරෝනා ආසාධිතයකු බව කියන අයකු සහභාගිවීමෙන් මෙම රෝගය අහුන්ගල්ල ප්‍රදේශයට ව්‍යාප්ත වී තිබේ. එම කොරෝනා රෝගියාගේ බිරියටත්, මවටත්, පියාටත් පළමුවෙන් රෝගය ආසාධනය වී තිබූ අතර පසුගිය 24 දින වන විට ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් 24 දෙනෙකුට කොරෝනා රෝගය අසාධනය වී තිබූ බව බළපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.
පසුගිය විසි තුන් වෙනි දින අහුන්ගල්ල, කටුවිල ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් පීසීආර් පරීක්ෂණ හත්සියයකට (700) අධික ප්‍රමාණයක් බළපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් කර තිබෙන අතර ඒවායේ ප්‍රතිඵල අනුව මෙම කොරෝනා රෝගීන් හදුනා ගෙන තිබේ.

අහුන්ගල්ල, කටුවිල මල ගෙදරට පැමිණි කොරෝනා අසාධිත පුද්ගලයා අහුන්ගල්ල නගරයේ පිහිටි ආයුර්වේද බෙහෙත් ශාලාවකින් ප්‍රතිකාර ලබා ගෙන තිබෙන අතර ඔහුට ප්‍රතිකාර කරන ලද වෛද්‍යවරියට සහ ඇයගේ පුරුෂයාටද කොරෝනා වෛරසය ආසාධනය වී තිබෙන බව තහවුරු විය. කොරෝනා අසාධිතයා ප්‍රතිකාර සදහා පැමිණි පසුගිය 13 වෙනි දිනෙන් පසු මෙම ආයුර්වේද මධ්‍යස්ථානයෙන් එකසිය හැට දෙනෙකු ප්‍රතිකාර ලබා ගෙන තිබේ. මේ දිනවල ඊට අදාල ආශ්‍රිතයින් සොයමින් පවතින අතර එම නිවාස බොහොමයක් ස්වයං නිරෝධානයට ලක් කර තිබේ. ඉදිරියේදී ඒ අයගේද පීසීආර් පරීක්ෂණ සිදුකරන බවද බළපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

කොස්ගොඩ පොලීසියේ නිලධාරයකුද මෙම ආයුර්වේද මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගැනීම හේතුවෙන් පසුගිය 25 දින එම පොලිස් ස්ථානය තාවකාලිකව වසාදමා එහි නිලධාරින් හතළිස් නව දෙනෙකු නිරෝධායනය කිරීමටද ඇල්පිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පියවර ගෙන තිබුණි. පොලීසිය සම්පූර්ණයෙන්ම විෂබීර හරණයට ලක් කිරීමෙන් පසු ඇල්පිටිය කොට්ඨාශයේ වෙනත් පොලිස් ස්ථාන වලින් නිලධාරීන් අනුයුක්ත කර කොස්ගොඩ පොලීසියේ සේවාවන් ඊට පසුදින (26) නැවත පවත්වා ගෙන යෑමට කටයුතු කළේය.

මේ හේතුවෙන් කොස්ගොඩ පොලිස් ස්ථානයේ සේවය කල පොලිස් නිලධාරින් අට (08) දෙනෙකු හබරාදුව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර අනෙකුත් පොලිස් නිලධාරීන් ඔවුන්ගේ නිවෙස්වලම ස්වයං නිරෝධායනය සඳහා යොමු කල බව ඇල්පිටිය ජේෂ්ඨ පොලිස් නිලධාරී කාර්යාලය කියයි.

පසුගිය සති දෙකකට අධික කාලය පුරාම අහුන්ගල්ල පොලීසිය, සෞඛ්‍ය අංශ සමඟ එක්ව එම ප්‍රදේශයේ සංචරනය සීමා කිරීමට මාර්ග බාධක යොදා පියවර ගෙන තිබේ. ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් ජනතාව දැනුවත් කිරීමටද පොලීසිය පියවර ගත් බව අහුන්ගල්ල පොලිස් ස්තානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් ජයතිලක මහතා ප්‍රකාශ කළේය.

– ජයකාන්ත ලියනගේ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements