Advertisement


ඇඳිරිනීතිය ලිහිල් කෙරුණ ද අවදානම් කලාප හඳුනාගෙන එම කලාප හුදකලා කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙයි.

ඒ මහතා කියා සිටියේ, මේ වන විට අලුතින් අවදානම් කලාප කිහිපයක් මතුවෙමින් පවතින බවය. 

මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වු වෛද්‍ය හරිත අලුත්ගේ මහතා,

“අලුතින් අවදානම මතුවුණ ප්‍රදේශ කිහිපයක් තියෙනවා. ඒ ප්‍රදේශ සම්බන්ධයෙන් ඇඳිරිනීතිය හෙට උදේ ඉවත් කරනවා නම්, ඒ ප්‍රදේශවල අඩුමගානේ, ඇඳිරිනීතිය අඛණ්ඩව පවත්වාගෙන යෑමට කටයුතු කළ යුතුයි. උදාහරණයක් විදියට කහතුඩුව ප්‍රදේශය ගත්තොත්, එහෙම අලුත් අවදානමක් මතුවෙලා තියෙනවා. ඒ අවදානම ව්‍යාප්තවෙමින් තියෙනවා. හොරණ ප්‍රදේශය ගත්තහම අලුත් අවදානමක් මතුවෙලා තියෙනවා. අවදානම ව්‍යාප්තවෙමින් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි කියන්නේ. මේ තියෙන තත්ත්වය යටතේ, ප්‍රදේශ සම්බන්ධයෙන් තීරණය ගැනීමේ දී අලුතින් මතුවෙලා තියෙන තත්ත්වය සැලකිල්ලට ගන්න. සමස්ථ පළාතේ ම ඇඳිරිනීතිය හෙට උදේ ඉවත් වෙනවා නම්, අවම වශයෙන් අලුතින් හඳුනාගත්ත ප්‍රදේශ ඉතුරු කරලා, ඇඳිරිනීතිය ඉවත් කරන්න. එහෙම නැත්නම් දිස්ත්‍රික් මායිම සම්බන්ධයෙන් ඉතාම ගැඹුරින් හොයලා, මායිම් හරහා ගමන් කිරීමේ දී සීමා පනවන්න කියන කාරණය. අපි විශේෂයෙන්ම කිව්වා ප්‍රමාද නොවී තීරණ ගැනීම ඉතාම වැදගත් කියලා. ප්‍රමාදවෙලා තීරණ ගැනීම මාරාන්තික ප්‍රතිඵල අත්කරන්න පුළුවන් කියන කාරණය.

මේ අතර, සෞඛ්‍ය අංශ හැරුණහම පොලීසිය හා ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාව කෙරෙහි මේ මෙහොතේ විශේෂ අවදානයක් යොමුකළ යුතු බව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.

ඉදිරිපෙළ වෘත්තිකයන් අතරේ වසංගතය බෝවීමේ වැඩි ප්‍රවණතාවයක් ඇතැයි ද පැවසු වෛද්‍යවරයා, ආරක්ෂක අංශ හා සෞඛ්‍ය සේවකයින් නිරන්තරයෙන් සුපරීක්ෂාවට ලක්කර මොවුන් හරහා රෝගය බෝවීමට ඇති ඉඩකඩ අවම කළ යුතු බව ද සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements