Advertisement


‘ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස්’ පුද්ගලික සමාගමට සම්බන්ධ ‘ඇවන්ට් ඇග්‍රෝ’ පෞද්ගලික සමාගමට රජයේ ඉඩම් අක්කර 5000 ක් ලබාදීම සඳහා එකඟත්වය පළ කර තිබේ.

මෙම අනුමැතිය ලබාදී ඇත්තේ බඩ ඉරිඟු වගා කිරීමේ නියමු ව්‍යාපෘතියක් සඳහා ය.

එමෙන්ම එම ව්‍යාපෘතිය මගින් සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ ක්‍රියාවලියකට ද ලක් කිරීමට එම සමාගම විසින් කර ඇති යෝජනාවට ප‍්‍රසාදය පල කර ඇත.

කෙසේ නමුත් ඔවුන් සමාගම රජයෙන් ඉල්ලා ඇති අක්කර 40000ක වෙනුවට නියමු ව්‍යාපෘතියක් ලෙස අක්කර 5000ක් පමණක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කටයුතු කර තිබේ.

මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වී සිරගත කර ඇති සිරකරුවන් කෘෂිකර්මාන්තය සඳහා යොමුකර පුනරුත්ථාපනය කිරීම සඳහා එම සමාගම් විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත විට කළ යෝජනාවක් අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements