Advertisement

නන්දා මෝටර්ස්ට කෝටි 6 ක් පාඩුවක්

ඊයේ (16) Facebook  තුළ හුවමාරුවූ ඡායාරූප කිහිපයකින් කොළඹ බොහෝ දෙනෙකුට හුරු තැනක සිදුවූ දේපළ හානි පමණක් සිදුවූ මාර්ග අනතුරක් වාර්තා විය. ඒ කොළඹ නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට නිදහස් මාවතට වංගුව හරවන තැන පිහිටි නන්දා මෝටර්ස් වාහන සේල් පොළයි. තරුණ වයසේ රියදුරුවරියක පැදවූ සුදු පැහැති ජීප් රිය එම වාහන සේල් පොළේ වීදුරුකඩාගෙන ඇතුළුවී තිබුණ අතර එහි වාහන වලට හා දේපළට අලාභහානි සිදුව තිබුණි. මෙම අනතුර නිසා සිදුවූ පාඩුව කෝටි 6 ක් ලෙස ගණන් බලා ඇතැයි වාර්තා විය.

මෙම අනතුර සිදු කරඇත්තේ රියදුරු බලපත්‍රයක් පවා නැති තරුණියක බව පැවසෙන අතර ඇයගේ පියා පොලිසියේ එස්පී තනතුරක් දරන බවද පැවසේ. මෙම අනතුර සිදුකරන අවස්ථාවේ තරුණිය බීමත්ව සිටි බවට සැක කරන බවත් ඇයව ඒ සම්බන්ධ පරීක්ෂාවකට යොමු කර ඇතැයිද වාර්තා විය.

මෙම අනතුර සිදු කළ තරුණියගේ සොයුරාද මීට කලකට ඉහත 2019 මාර්තු මාසයේ රටේ ආන්දෝලනයක් ඇති කරමින් වාර්තාවූ යතුරුපැදි-ඩිෆෙන්ඩර් අනතුරක් සිදුකරන ලද පුද්ගලයා බවට වාර්තාවේ. ගාලුපාරේ සිදුවූ එම අනතුරින් බොරැල්ල පොලිස් රථවාහන අංශ ප්‍රධානියා මියගිය අතර රියදුරු උසාවියට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

රාත්‍රී කාලයේ යම් යම් සාද හෝ සමාජ ශාලා ඇසුර පිණිස ගමන් කරන තරුණ පිරිස් එම අවස්ථා අවසන් කර නැවත නිවෙස් බලා යාමේදී සිදුවන මේ ආකාර අනතුරු දැන් සුලබ වී තිබේ. මීට වසර කිහිපයකට පෙර ඇමති රඹුක්වැල්ල පුතු රමිත් පැදවූ වාහනයක්ද පෙර කී අනතුර සිදුවූ ස්ථානය ආසන්නයේම ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ තාප්පයක් හා ගසකට හානි කරමින් හැප්පී නැවතී තිබුණි.
නන්දා මෝටර්ස් අනතුර සිදුවීම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.








gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements