Advertisement


මාළු අමුවෙන් ආහාරයට ගැනීමෙන් රෝගාබාධ ගණනාවක් ඇති විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පෙන්වා දෙන්නේ මාළුන්ගේ සම තුල බැක්ටීරියාවන් වර්ග සහ ක්‍ෂුද‍්‍ර ජීවී වර්ග ආහාර ජීරණ පද්ධතියට දැඩි ලෙස හානි කල හැකි බවයි.

එමෙන්ම ඔවුන් ඔවුන්ගේ ශරීරයේ බැක්ටීරියා සහ වෛරස් තවත් බොහෝ ප්‍රමාණයක් තිබෙන නිසා අමුවෙන් ආහාරයට ගැනීම මනුෂ්‍ය ශරීරයට අහිතකර බවද ඔහු කියා සිටියේය.

අමුවෙන් මාළු ආහාරයට ගැනීම පෙන්වීම දරු පරපුරට නරක පූර්වාදර්ශයක් බවත් ඔහු සඳහන් කළේය.

ඒ නිසා අනිවාර්යෙන්ම මාළු හොඳින් සෝදා පිරිසිදු කර පිසගෙන ආහාරයට ගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා අමු මාළු ආහාරයට ගැනීම ගැන අද මාධ්‍ය විසින් කල විමසීමකදී ඔහු මේ බව කියා සිටියේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements