Advertisement

ඔයාට මේ පාසල හරියන්නෙ නෑ කියල ඔයා ප්‍රතික්ශේප වුනා පුතේ
ඒත් අන්තිමට ඔයා දින්නා පුතේ

“ඔයාට ගොඩක් බාධක ආවා…මේ වගේ දරුවෙක්ට විභාගය ලියන්න දෙන්න බෑ කිව්වා….ඒත් අන්තිමට ඔයා දින්නා පුතේ” – පහේ හපන්නු අතර පුංචි පුතෙක්ගේ හපන්කමක් ගැන ගුරුවරියක් දැමූ සංවේදී සටහන.

ප්‍රතිඵල නිකුත් වී ඇති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උපරිම ලකුණු සංඛ්‍යාව වන 200 ලබාගත් සිසුන් 10 දෙනෙකු දිවයිනෙන් වාර්තා වුණා. පසුගිය ඔක්තෝම්බර් 11 වැනිදා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණේ කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් කිහිප වතාවක් කල් දැමීමෙන් අනතුරුවයි.

ඒ සඳහා සිසුන් තුන් ලක්ෂ 31,741 ක් ඉල්ලුම් කර තිබූ අතර, සිසුන් තුන් ලක්ෂ 26,264 ක් පෙනී සිටි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඊයේ නිකුත් වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව සිසුන් 20,000 කට ශිෂ්‍යාධාර හිමි වනවා.

ඒ අතරින් ශිෂ්‍යාධාර 250 ක් වෙන් කෙරෙන්නේ විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහායී.

මේ අතර විශේෂ අවශ්‍යතා ඇති දරුවන් යටතේ ශිෂ්‍යත්ව විභාගය ලියාලකුණු 99ක් ගත් පුංචි පුතෙක් ගැන සංවේදී සටහනක් මුහුණු පොතේ හුවමාරු වනවා.

එම සටහන පහතින්….

“අද දවස ගොඩක් සතුටුයි පුතේ මට…කත⁣ා කරන්න බැරි වුනත්,ලියන්න බැරි වුනත්,මගේ පුතා ශිෂ්‍යත්ව විභාගයෙන් විශේෂ අවශ්‍යතා ඇති දරැවන් යටතේ විභාගේ ලියලා ලකුණු 99ක් අරන් විභාගය සමත් වුනා….

ඒක ලේසි දෙයක් වුනේ නෑ පුතේ… ඔයාගේ අම්මට ඔයා සාමන්‍ය ළමයෙක් වුනා…ඔයාට ඉස්කොලයක් නැතිව අම්මයි තාත්තයි ඉස්කෝල හොයන් ගියාම හැම පාසලකින්ම ලැබුනෙ එහෙම ළමයින්ට මේ වගේ ඉස්කෝල හරියන්නෙ නෑ කියලා….එහෙම අන්තිමට ඔයා කරගම්පිටිය විජය විද්‍යාලයට ආවා…මොකද පුතේ ඔයාගෙ අම්මට ඔයා සාමාන්‍ය ළමයෙක් ඉගෙන ගන්න පන්ති කාමරයක⁣ට දාලා සාමාන්‍ය ළමයෙක් විදියට උගන්නන ඕන වුනා..ඔයා අනිත් ළමයි වගේමයි කියලා ඔයාට දන්වන්න ඕන වුනා..අන්තිමට විදුහල්පති ස්වාමීන්ද්‍රයන්වහන්සේ ඒ අභියෝගය භාර ගත්තා…අන්තිමට ඒ අභියෝගය දිනලා පෙන්නුවා….

විශේෂ අවශ්‍යථා ඇති දරැවන් යටතේ ශිෂ්‍යාධාර ලබන්නට හැකි දරුවා වුනා….ඔයාට ගොඩක් බාධක ආවා…මේ වගේ දරුවෙක්ට විභාගය ලියන්න දෙන්න බෑ කිව්වා….ඒත් අන්තිමට ඔයා දින්නා පුතේ…හැම බාධකයක්ම….හැමෝටම දැන් කට උත්තර නෑ…මොකද මගේ පුතා ඒ හැමෝගෙම කටවල් වැහුවා…මාස 06ක් වගේ පොඩි කාලයකට වුනත් ම⁣ට ඔයාට උගන්නන්න ලැබුන එක වාසනොවක් පුතේ….ඉතුරු ටික කරට ගත්තේ අරන්දර මිස්..
මම දන්නවා,දැන් ඔයාව නවත්තන්න කාටවත් බෑ….ඉස්සරහටම යන්න…දවසක මගේ පුතා කාටවත්ම හිතිගන්න බැරි තැනක ඉඳිවී…..
මේ ඔයාගේ සංඥ්ඥා භාෂාවෙන්ම කිව්වොත් “උස ටීචර් ”

මෙම සංවේදී සටහන පිළිබඳව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානයත් යොමුව තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඊට දැක්වූ ප්‍රතිචාරයයි….




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements