Advertisement


දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ට ආගමික උත්සව සඳහා සහභාගී වීමට අවසරය හිමිව තිබේ.

ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවසරය මත ඔහු කෝවිලක පැවති උත්සවයකට සහභාගී වී ඇත.

එමෙන්ම පසුගියදා මඩකළපු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සඳහා ද ඔහු සහභාගී විය.

ඔහු පාර්ලිමේන්තු මැතිවරණය ජය ගන්නා ලද්දේ ද රක්ෂිත බන්ධනාගාර ගතව සිටියදීමය.

ඔහුට පාර්ලිමේන්තු රැස්වීම් සහ වලට සහභාගි වීමටද අවසර හිමිව තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම මත ඔහු රක්‍ෂිත බන්ධනාගාරගතව සිටී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements