Advertisement


නුගේගොඩ, මිරිහාන, ජුබිලි කණුව මංසන්ධියේ පිහිටා තිබූ පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම්කර තිබූ 'ජුබිලි කණුව' එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවත් එම ක්‍රියාව කිසිසේත් ම අනුමත කළ නොහැකි බවත් සිංහල රාවය ජාතික සංවිධානයේ මහ ලේකම් ශාලික පෙරේරා මහතා පවසයි.

මෙම ස්මාරකය පිහිටා තිබූ ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභා බල ප්‍රදේශයේ මිරිහාන දකුණ ග්‍රාම නිලධාරී වසමේ, මිරිහාන ජුබිලි කණුව හන්දියේ පැරණි 'ජුබිලි කණු' ස්ථාපනය කර තිබුණු බවත් 2005 ජූලිි 8 වන දින නිකුත් කර ඇති ගැසට් පත්‍රයක් මගින් (2005 ජූලි 8 අංක 1401 දරන ගැසට් පත්‍රය) මෙය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර ඇති බව ද ඒ මහතා පැවසුවේය.

මෙවැනි පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම බලධාරීන්ගේ වගකීමක් බවත් මෙය මෙම ස්ථානයෙන් ඉවත් කර ඇත්තේ මාර්ග සංවර්ධන කටයුත්තකට නම් එම මාර්ග සංවර්ධන කටයුත්ත අවසන් වූ පසුව හෝ මෙම වටිනා ස්මාරකය මෙම ස්ථානයේ නැවත ස්ථාපනය කළ යුතු බවත් සිංහල රාවය සංවිධානය මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින බවත් ඒ මහතා පැවසීය.
අදාළ ගැසට් නිවේදනය.









gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements