Featured News

Video Gossip

Advertisement

ලංකාවට විරුද්ද යෝජනාවක් බි‍්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්මත කරයි 

ශී‍්‍ර ලංකාව අභ්‍යන්තර පරික්‍ෂණ යෝජනාව ඉල්ලා අස්කරගත් නිසා ලබන මාර්තුවේ ශී‍්‍ර ලංකාවට විරුද්ධව යෝජනාවක් සකස් කිරීමට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තුල ් යෝජනාවක් සම්මත කරගෙන ඇතැයි විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී ඒ මහතා මෙසේද පැවසීය

පොහොර ගැටඵව පිළිබදව මම හසලක ප‍්‍රදේශයේ ගොවි මහත්වරු සමග සාකච්ඡුා කලා. ගොවියන්ට ලබාදෙන පොහොර ප‍්‍රමාණය 2018 වඩා හරි අඩක් අඩුකරලා තිබෙනවා. මේ පිළිබද වහාම අවධානය යොමු කරන්න.

ඊයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ විවාදය අවස්ථාවේදී මා මතක්කර සිටියා මහින්ද රාජපක්‍ෂ මහත්මයා එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහත්මයා සමග පොරොන්දු වූ ගිවිසුම අනුව අභ්‍යන්තර පරික්‍ෂණයකට එක`ග වුනූ බව. මහින්ද රාජපක්‍ෂ මහත්මයා එම පොරොන්දුව ඉටු නොකල නිසා අපේ ආණ්ඩුව කාලේ අපි අභ්‍යන්තර පරික්‍ෂණයකට එකග වුනා. පසුව වත්මන් ආණ්ඩුව එය ඉල්ලා අස්කර ගත්තා. මම ඊයේ අනතුරු ඇගවීමක් කෙරුවා මේ පිළිබදව.

ඊයේ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තුල යෝජනාවක් සම්මත කරලා තියෙනවා, ශී‍්‍ර ලංකාව අභ්‍යන්තර පරික්‍ෂණ යෝජනාව ඉල්ලා අස්කරගත් නිසා ලබන මාර්තුවේ ශී‍්‍ර ලංකාවට විරුද්ධව යෝජනාවක් සකස් කිරීමට. ශී‍්‍ර ලංකාවට විරුද්ධව යෝජනාවක් ආවොත් ඒක රටට ගැටඵවක්,

2015 ට පෙර අප රට තිබූ තත්වය ඔබතුමාලා දන්නවා. අවුරුදු තුනක් අපේ රටට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල යෝජනා සම්මත උනා. 2015 අපේ රට හිටියේ ආර්ථික සම්බාධක අභියස. ඒ නිසයි මහින්ද රාජපක්‍ෂ මහතා එදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ. මේ කාරණය රටට ඉතාම වැදගත්. ඒ නිසා මේ පිළිබදව වහාම පියවර ගන්න.

– මාධ්‍ය ඒකකය

ගේම් සෙල්ලම් කරල සල්ලි හොයන්න මෙන්න තැනක් - මෙතනින්  Register වෙන්න

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements