Featured News

Video Gossip

Advertisement


2021 අය-වැය ඉදිරිපත් කරමින් පසුගිය වසර තුළ ආර්ථිකය කඩා වැටී ඇතැයි පිළිගෙන ඇති රජය, ආර්ථික උත්තේජනය සඳහා මුදල් විශුද්ධිකරණය නිල වශයෙන් පිළිගෙන තිබීමෙන් ශ්‍රී ලංකාව යළිත් ජාත්‍යන්තර මූල්‍ය සම්බාධකවලට මුහුණ දීමේ අවදානමකට ලක්කර ඇති බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සම්බන්ධයෙන් ගෝලීය ප්‍රතිපත්ති සම්පාදකයා වශයෙන් ක්‍රියා කරන මූල්‍ය කාර්ය සාධන බළකාය (Financial Action Task Force (FATF) විසින් ශ්‍රී ලංකාව එහි ‘අළු ලේඛනයට (Grey List) ඇතුළත් කර තිබූ අතර මුදල් අමාත්‍යාංශය විසින් දරන ලද පරිශ්‍රමයේ ප්‍රතිඵලයක් ලෙස 2019 ඔක්තෝබර් මස එම අළු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරවන ලද බව ඔහු පැවැසීය. 

කළු සල්ලි සුදු කරන මෙවන් කටයුතුවලට ජාත්‍යන්තර නීතියෙන් වැට බැඳී ඇති හෙයින් ඉදිරියේදී ශ්‍රී ලංකාවට මුදල් සම්ප්‍රේෂණය කිරීම විදේශ බැංකුවලින් භාර නොගැනීමට ඉඩ ඇති අතර මෙම රජයට ආර්ථික සංවර්ධනයට නිසි වැඩපිළිවෙළක් නොමැතිවීම හේතුවෙන් මෙවන් කළු ආර්ථිකයකට අත වනන්නේ රට නංවන නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නොමැතිව රට බේරාගන්නට ඡන්දය දෙන්නැයි තිරය පිටුපස ප්‍රචාරයන් ගෙන ගොස් ජනතාව මුළා කර මෙම රජය බලය ලබාගත් බව මංගල සමරවීර මහතා පවසයි.

රටක් ආර්ථික වශයෙන් ඉදිරියට යන බව ඔප්පු කිරීමට තර්කානුකූලව පිළිගත් න්‍යායක් ඇත. යහපාලන රජය සමයේ වසර 45කට පමණ පසුව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් ක්‍රියාත්මක කරමින් ප්‍රථම වතාවට 2017 සහ 2018 වසරවලදී අය-වැය ප්‍රාථමික ශේෂයේ අතිරික්තයක් අත්කර ගන්නා ලද බවද ඔහු නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements