ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඔවුන්ගේ ආර්යාවන් සහ ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතා සහිත පින්තූරයක් සමාජ ජාලවල පළවීම පිළිබඳ ප්‍රශ්න කිරීමට ඇමැති චම්පික රණවක මහතාගේ හිටපු මාධ්‍ය ලේකම්වරයා වන ධනුෂ්ක රාමනායක මහතා රහස් පොලිසිය වෙත අද කැඳවා තිබිණි.
එහිදී සිදු කරන ලද ප‍්‍රශ්න කිරීම්වලින් පසු ඉන් පිටතට පැමිණි ඔහු කියා සිටියේ අදාල ඡායාරූපය සත්‍ය එකක් යයි එහිදී තහවුරු වූ බවයි.
තමන්ගෙන් ප්‍රශ්න කරන ලද්දේ එම ස්ථානය ඡායාරූප ගැනීමෙන් වැළකී සිටීමට උපදෙස් දී තිබියදී එවන් ඡායාරූපයක් මාධ්‍ය වෙත පැමිණියේ කෙසේදැයි දැන ගැනීමට බවද ඔහු කියා සිටියේය. එය ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බව ඔවුන් ප්‍රකාශකල බව ඔහු වැඩිදුරටත් පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත තමා තමන්ගේ සමාජ ජාල ගිණුමෙන් එම පින්තූරය ඉවත් කළ බවත් තම ජංගම දුරකථනයේ සම්පූර්ණ පිටපතක් රහස් පොලීසිය අතට දුන් බවත් ඔහු කව දුරටත් සඳහන් කළේය.


