හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට 'සිල් රෙදි නඩුවෙන්' නිදොස් කොට නිදහස් කර තිබේ.
ඒ, සම්බුද්ධ ජයන්තිය සැමරීම වෙනුවෙන් දිවයිනේ වෙහෙර විහාරස්ථාන දහසක් කේන්ද්‍රකොට ගෙන පැවැත්වූ සීල සමාදාන ව්‍යාපාරයට සහභාගි වූ උවසු උවැසියන් හා පාසල් සිසුන් එක්ලක්‍ෂ පනස්හ දහසකට සිල් රෙදි බෙදා දීම සඳහා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ මුදල් රුපියල් මිලියන හය සියයක් වැය කිරීමෙන් රාජ්‍ය මුදල් අවභාවිත කර ඇතැයි තීන්දු කොට වසර තුන බැගින් වූ බරපතළ වැඩ ඇතිව සිර දඬුවම්, රුපියල් මිලියන 52 බැගින් වන්දි හා දඩ මුදල් නියම කරමින් මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා දෙන ලද නඩු තීන්දුවට එරෙහිව ගොනු කර තිබෙන අභියාචනා පෙත්සම් විභාගයේ නඩු තීන්දුව අද (19) ප්‍රකාශයට පත් කරමිනි.
කුමුදුනී වික්‍රමසිංහ හා දේවිකා අබේරත්න යන විනිසුරුවරියන්ගෙන් සමන්විත ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්විණි.
මහාධිකරණ නඩු තීන්දුව පක්ෂග්‍රාහීව දේශපාලන බලපෑම් මත දෙන ලද නඩු තීන්දුවක් බැවින් එය ඉවත දමා තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාත් විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතාත් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබිණි.


