Featured News

Video Gossip

Advertisement


වයස අවුරුදු 15 ක ජපන් ජාතික දැරියක් මෙරටට කැදවාගෙන විත් විවාහ කරගත් ශ‍්‍රී ලාංකික තරුණයා දෙසැම්බර් මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එමෙන්ම, එම බාල වයස්කාර දැරියද පරිවාස භාරයට යොමු කිරීමටයි මීගමුව අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේය.

එසේම මෙම සිද්ධිය සඳහා අනුබල දුන් තවත් තිදෙනෙකු ඇප මත නිදහස් කර තිබේ.

රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද 24 හැවිරිදි තරුණයා ජපානයේ අධ්‍යාපනය ලබමින් සිටියදී මෙම දැරිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන මෙරටට රැගෙනවිත් ඇතැයි පොලිසියට ඇගේ දෙමව්පියන් විසින් පැමිණිලි කර තිබිණි.

පසුව කොච්චිකඩේ, මූදුකටුව ප්‍රදේශයේ සැඟව සිටි දී පොලිසිය විසින් ඔවුන් ඊයේ අත්අඩංගුවට ගෙන තිබූ අතර ඒ වන විට එම දැරිය සිවු මස් ගැබිණියක් බවද අනාවරණය වී ඇත.

එම දැරියගේ මවුපියන් විසින් කරන ලද පැමිණිල්ල මත මෙම පරීක්ෂණ සිදුකර තිබිණි. කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාල ද මෙම ගැටළු සඳහා මැදිහත් වී තිබේ.

ගේම් සෙල්ලම් කරල සල්ලි හොයන්න මෙන්න තැනක් - මෙතනින්  Register වෙන්න

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements