Advertisement


කෑගල්ල මහ රෝහලේ හෙදියකට සහ ඇගේ සැමියාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

රෝහල් අධ්‍යක්ෂකවරිය සඳහන් කරන්නේ මෙම හෙද නිලධාරිනියගේ සැමියා ජනප්‍රිය රංගන ශිල්පියකු බවත් ඔහු කොරෝනා ආසාදිතයකු යයි හෙළිවී ඇති බවත්ය.

හෙද නිලධාරිනියට වෛරසය ඔහුගෙන් ආසාදනය වන්නට ඇතැයිද ඇය පැවසුවාය.

මේ වන විට එම රංගන ශිල්පියා හා බිරිද ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇත.

හෙද නිලධාරිනිය ගේ සමීප ආශ්‍රිතයන් සියලු දෙනාම නිරෝධායනයට ලක්කර ඇති අතර ඔවුන්ට කොරෝනා පරීක්ෂණ සිදු කර ඇත.

මේ අතර මෙරට ජනප්‍රිය ටෙලිනාට්‍ය රංගන ශිල්පීන් ශිල්පිනියන් 14 දෙනකුට කොරෝනා වෛරසය වැලඳී ඇතැයි හෙළි වී තිබේ.

එක් රංගන ශිල්පියෙකුට කොරෝනා වැළඳී තිබුණද එය නොතකා දිගටම රූගත කිරීමේ යෙදී හේතුවෙන් මෙම ව්‍යාප්තිය සිදුව ඇත.

ඔවුන්ගේ ආශ්‍රිතයන් මේ වන විට නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.

ගේම් සෙල්ලම් කරල සල්ලි හොයන්න මෙන්න තැනක් - මෙතනින්  Register වෙන්න

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements