Advertisement


කොළඹ නෙළුම් පොකුණ රඟහල අසල මෝටර් රථ අලෙවිසැළක සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් තරුණියට ඇප ලබාදී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අනතුරින් පුද්ගල හානි කිසිවක් සිදු නොවීම යන කරුණ සලකා ඇයට ඇප ලබාදුන් බවයි.

අපරික්ෂාකාරීව සුඛෝපභෝගී ජීප් රථයක් ධාවනයකර අනතුරක් සිදුකිරීම හේතුවෙන් මෙලෙස කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ 20 හැවිරිදි තරුණියක් වන අතර ඇය නුගේගොඩ උසස් පොලිස් නිලධාරියෙකුගේ දියණිය වනවා.

නිදහස් මාවත ආසන්නයේ නෙළුම් පොකුණ රඟහල අසල පිහිටා තිබූ මොටර් රථ ප්‍රදර්ශනාගාරයේ ගැටී සිදුවූ මෙම අනතුරින් ප්‍රදර්ශනාගාරයට හා එහි තිබූ සුඛෝපභෝගී මෝටර රථ කිහිපයකට අලාභ හානි සිදුවී තිබෙනවා.

පසුගිය වසරේ පෙබරවාරි මස බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ගැටී මියයාමට හේතුවූ ඩිෆෙන්ඩර් රිය පදවා තිබුණේ ද අදාළ අනතුර සිදුකළ තරුණියගේ සහෝදරයා විසිනුයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක අතර පුද්ගල හානි සිදුව නොමැති බැවින් අනතුර සිදුකළ පාර්ශවය අලාභ පියවීමේ එකඟතාවකට පැමිණියහොත් පරීක්ෂණ අනවශ්‍ය වියහැකි බවයි.

එහෙත් ඔහු වැඩිදුරටත් පැවසුවේ කුරුඳුවත්ත පොලිසීය විසින් ඇප ලබා දුන්නද ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග අනුව නඩු පවරන බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements