Advertisement

හිටපු DIG අත්අඩංගුවටගන්න යද්දී 
නිවසින් පැන දුවලා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිදු වී ඇතැයි කියන රුපියල් ලක්ෂ 75ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රොහාන් ප්‍රේමරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මෙහෙයුම් ආරම්භ කර ඇත.
පුරප්පාඩු වෙන්න යන කාකි සූට් දෙපාර්තමේන්තුවෙ මහ පුටුවට ගන්න දේවාල ගානෙ යන දෙවැනි මට්ටමේ ජ්‍යෙෂ්ඨ උත්තමයා

ළඟදී පුරප්පාඩු වෙන්න යනවය කියල ආරංචි කාකි සූට් දෙපාර්තමේන්තුවෙ මහ පුටුවට පැනගන්න එතන ඉන්න දෙවැනි මට්ටමේ ජ්‍යෙෂ්ඨ කස්ටිය ලොකු සටනක් පටන් අරන්ලු. ඒ හුඟදෙනෙක් මේ දවස්වල ඉන්නෙ පන්සල් කෝවිල් පල්ලිවලය කියලයි ආරංචි. සමහරු කැලණියෙ. සමහරු රජරට. තවත් සමහරු රුහුණු කතරගම දේවාලෙ. එහෙම ලොකු ලොකු පූජා කරනවලු මේ අනුහස් සහිත පුටුව ලබාගන්න...

ඔන්න එහෙම පසුගියදාක වාහන පෝලිමක් පිරිවරාගෙන එක්තරා කාකි සූට් ලොක්කෙක් කතරගම ගියා... ගිහිල්ල එතනට එන රටේ ලොකු මහත්තය ඇතුළු ප්‍රභූන් කවුරුවත් වාහන නවත්වන්නෙ නැති මහ වාහල්කඩ ළඟටම මෙයා සම්ප්‍රාප්ත වෙලා... නැවත පූජාව ඉවර කරල තමන් පැමිණෙන තෙක් වාහන ටික හොලන්න එපා කියල නියෝග කරල දේවාලෙට ගියා...
බස්රථයකදී හෙදියකගේ පියයුරු අතගෑ පොලිස් ලොක්කාට වෙච්ච ‌දෙයක්

සේවය නිමවා නිවස කරා යමින් සිටී පුහුණුවන හෙද නිළධාරීයකගේ පියයුරු අතගෑ බවට චෝදනා එල්ලවී ඇතිව අලූත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබූ දොඩන්ගොඩ පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයා වැඩ තහනමකට ලක්කර ඇතැයි කළුතර උසස් පොලිස් නිළධාරීයෙක් (3) පැවසීය .

දොඩංගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ලෙසින් රාජකාරි කල 54 හැවිරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයෙකු මෙසේ වැඩ තහනමට ලක්ව ඇත.

වඳුරඹ, ලේලවලවත්තේ, අංක 2 කොටසේ බෙනයක සිටි නයි පැටව් 42ක් වඳුරඹ පොලිසියේ කොස්තාපල් අමිල මධුසංක මහතා විසින් ඊයේ (15) දහවල් අල්ලා කොට්ටව කැලයට මුදා හැරිමට කටයුතු කළේය.

මෙසේ නයි අල්ලා ගැනීමට හේතුව පිළිබඳ කරුණු පැහැදිලි කරමින් අමිල මධුසංක මහතා මව්බිමට මෙසේ කිය.
අංකල් කිව්ව කෙනා පෙම්වතා බව දැන සිට නෑ
මගේ ආදරය වෛරයකට පෙරළුනා
මට සමාවෙන්න 
SI බිරිඳට ලියු ලිපියෙන් කියයි

කොළඹ, වේල්ල වීදියෙන් පෙරේදා (01දා) මෘතදේහය හමුවූ තරුණියගේ ඝාතනයට වගකිව යුත්තා බුත්තල පොලිසියේ සේවය කරන පනස් හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයකු බව අනාවරණය වී ඇත.මෙම පොලිස් නිලධාරියා ඇමැති ආරක්ෂක අංශයේද සේවය කර ඇතැයි තහවුරු වී ඇත.

කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි දිලිනි නමැති තරුණිය මේ ආකාර ඉරණමකට ගොදුරුවූ බව ඇගේ වයෝවෘද්ධ මව තවම දන්නේ නැත. ඇය සිදුවීමට දින 4 කට පෙර සිරිපා වන්දනාවේ යන බව පවසමින් නිවසින් බැහැරව ගොස් තිබූ අතර සිය දේශපාලක සහෝදරයාටද ඇමතුමක් ලබාදෙමින් තවමත් සිරිපාදයේ යන බවත් මේ වනවිට සිටින්නේ එරත්නේ බවත් දන්වා තිබුණි. ඇඟලුම් කම්හලක හා කොමියුනිකේෂන් එකක වැඩකරමින් සිටි දිලිනි රැකියා වලින් ඉවත්වන්නේද මව නිසාය.

හෝමාගම පොලිසිය වසර දහයකට වැඩි කාලයක සිට නීති විරෝධීව ජලය ලබා ගනිමින් සිටියදී නීතියේ රැුහැනට හසුකර ගැනීමට ජලසම්පාදන මණ්ඩලයේ විශේෂ වැටලීම් ඒකකය ඊයේ (7 )  කටයුතු කළේය.
කොටුව පොලිසියේ 162යි
බොරැල්ල 107යි
කෙසෙල්වත්ත 76යි

ප්‍රභූ ආරක්ෂකයන් 44 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 264 දෙනකුටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 1277ක් බවද එම ආරංචි මාර්ග පවසනවා.

වාලච්චේනි පුනානි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු එයින් පැනයමින් සිටියදී අත්අඩංගුවට පත්ව තිබුණා.

කොළඹ නෙළුම් පොකුණ රඟහල අසල මෝටර් රථ අලෙවිසැළක සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් තරුණියට ඇප ලබාදී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අනතුරින් පුද්ගල හානි කිසිවක් සිදු නොවීම යන කරුණ සලකා ඇයට ඇප ලබාදුන් බවයි.

අරලගංවිල පිහිටි පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායනයට යොදවා සිටින පොලිස් නිලධාරීන් 92 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ආමර් විදිය පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් නිලධාරීන් 16ක් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.

එම පොලිසියට අනුයුක්තව ආමර් වීදිය පොලිස් මුරපලේ සේවය කරන සැරයන් වරයෙකුගේ පවුලේ සාමාජිකයන් දෙදෙනෙකුට වෛරසය ආසාදිතවීම නිසා මෙම පියවර ගෙන තිබේ.
චීවරධාරියෙක් ඇතුළු තවත් දෙදෙනෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වාරියපොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ඔවුන් සතුව හෙරොයින් මිලිග්‍රෑම් 8950ක් සතුව තිබී ඇත.
පාර්ලිමේන්තුට පැමිණි ප්‍රභූවරයෙකුගේ පෞද්ගලික ගමන් මල්ලක් පරීක්ෂාකර ඔහුගේ කටයුතුවලට බාධා කළේ යැයි චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු ආරක්‍ෂක රාජකාරියේ සේවය කළ පොලිස් නිලධාරීන් තිදෙනකු මාරු කර යවා තිබේ.

එසේ මාරුකර යවා ඇත්තේ පාර්ලිමේන්තු රාජකාරියේ යෙදී සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරියක් ද හා පොලිස් කොස්තාපල්වරයෙකි.
ටී-56 ගිනිඅවි දෙකක් ඇතුළු ගිනිඅවි හතරක් එම උණ්ඩ සහ කිලෝ 11කට අධික හෙරොයින් තොගයක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ කණ්ඩායමක් විසින් රත්ගම ප්‍රදේශයේදී ඊයේ (25දා) සොයාගෙන ඇත්තේ මේ වනවිට අත්අඩංගුවේ පසුවන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් දකුණේ පාතාල නායක පොඩි ලැසීගේ කල්ලියට විකුණා තිබූ ආයුධ සහ මත්ද්‍රව්‍ය බව වාර්තා වනවා.
මත්ද්‍රව්‍ය සාදයකට සම්බන්ධ වී සිටියදී පොලිස් අත්අඩංගුවට ගත් පිරිසක් මුදවා ගැනීමක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ දේශපාලනඥයකුට චෝදනා එල්ලවෙයි.

පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් විසින් සඳහන් කර ඇත්තේ දකුණු පළාත නියෝජනය කරමින් පාර්ලිමේන්තු ආ නවක දේශපාලනඥයකු විසින් මෙම කටයුත්ත කර ඇති බවයි.
පොලිස් නිලධාරියෙකුටත් තුවාල

ඉන්දියාවේදී මියගිය බවට වාර්තා පළ වූ සංවිධානාක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කාගේ ප්‍රධාන පෙලේ වෙඩික්කරුවෙකු පොලිස් වෙඩි පහරින් ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.

චමින්ද සඳමාල් එදිරිසූරිය නොහොත් චමියා ගම්පහ ප්‍රදේශයේදී පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් මියගිය බවයි වාර්තා වන්නේ.
කොළඹ ජාතික රෝහලේ ඒ මුදල් ගෙවීම් අංශයේ උපන් රුපියල් ලක්ෂ 79 ක මුදලක් කොල්ල කෑමේ සිද්ධිය වලක්වමින් මුදල් කොල්ල කෑ සැකකාර වෛද්‍යවරයා මුදල් සමග අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ රාජ්‍ය බුද්ධි සේවයේ කොස්තාපල්වරයෙකු රිය අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටිය දී අද (14)අලුයම මියගොස් ඇත
පොලිස් නිලධාරීන් පිරිසකට කොරෝනා වෛරස ආසාදිත ලක්ෂණ පහළ වී ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් ඔවුන් ස්වයංනිරෝධායනයට ලක් කර ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
රථය සොරාගත් දින රාත්‍රි එම නිවෙස අසල නිවෙසක් තුළට ඇතුළුවී රුපියල් ලක්‍ෂ පහකට විදලා
අත්බෝම්බයක් රැගෙන පුපුරවා ගැනීමට හදලා


නොච්චියාගම, පහළ හල්මිල්ලෑව ප්‍රදේශයේදී ලක්‍ෂ 52ක් වටිනා කාර් රථයක් සොරකම් කළ අයකු කැකිරාව, කයිලපතාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය පවසයි.

පසුගිය 13 වැනි දින අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් හත්සිය තිහක්, ඔහු විසින් පුපුරවා ගැනීමට උත්සාහ කළ ජීව අත්බෝම්බයක්ද අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු නොච්චියාගම, වල්පලගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයකු බව පොලිසිය කියයි.
ත්‍රිකුණාමලය පොලිස් ප්‍රවාහන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුලු පවුලේ අය ඔහුගේ නිල නිවස තුළ දින 14ක ස්වයං නිරෝධායනයට යොමු කිරීමට ත්‍රිකුණාමලය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගනු ලැබ තිබෙනවා.

එම ස්ථානාධිපතිවරයාගේ බිරිඳ ඇතුලු පවුලේ ඥාතින් කොළඹ සිට නොදන්වා ත්‍රිකුණාමලයේ තම නිල නිවසට රැගෙන විත් ඇති අතර ඒ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු මෙම පියවර ගනු ලැබුවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements