Advertisement


පවතින කොරෝනා තත්ත්වය මත මුදල් නෝට්ටු, කාසි මෙන්ම චෙක් පත් භාවිතය ද හැකිතාක් අවම කරන්නැයි ශ‍්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ලක්ෂ්මන් සිල්වා මහතා පැවසුවේ අන්තර්ජාල ගනුදෙනු හෝ කාඞ්පත් මඟින් සිදුකරන ගනුදෙනුවලට වඩාත් හුරු වීමට මෙය හොඳම කාලය බවයි.

තමාගේ ගිණුමක් නොමැති වුවද පවතින තත්ත්වය හමුවේ ඕනෑම බැංකුවකින් කිසිඳු බැංකු ගාස්තුවකින් තොරව කාඞ්පත් මඟින් ජනතාවට මුදල් ලබා ගැනීමට පහසුකම් සපයා ඇති බව ද ශ‍්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සභාපති ලක්ෂ්මන් සිල්වා පෙන්වා දුන්නේය.

ගනුදෙනුකරුවන් භාවිත කරන ණය කඞ්පත් එනම් ක්‍රෙඩිට් කාඞ්පතේ උපරිම ණය සීමාව සම්පූර්ණයෙන්ම අවසන් වනතුරු එම කාඞ්පතෙන් ගනුදෙනු සිදුකීරීම නතර නොකීරීමටද බැංකු පද්ධතිය තීරණය කර ඇත.

පවතින කොරෝනා තත්ත්වය මත එම පියවර ද ගත් බවද ශ‍්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements