Advertisement


කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඉල්ලුම ඉතාම ඉහළ ගිය ශල්‍ය මුහුණු ආවරණ (Surgical mask) සියල්ල රට තුළම නිෂ්පාදනයට මේ වන විට කටයුතු යොදා ඇත. දිනකට ශල්‍ය මුහුණු ආවරණ ලක්ෂ පහළොවක් පමණ රට තුළ භාවිතයට ගැනෙන අතර මේ වන තෙක් චීනය සහ තවත් රටවල් කිහිපයකින් මෙම මුහුණු ආවරණ ආනයනයට කටයුතු යොදා තිබිණි.
ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවති රැස්වීමක දී මේ බව අනාවරණය විය. KN95 වර්ගයේ මුහුණු ආවරණ ද රට තුළ නිෂ්පාදනයට ඉදිරි සති කිහිපයේදි පියවර ගැනෙනු ඇත.

මුහුණු ආවරණ නිෂ්පාදකයන් සහ ආනයනකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම රැස්වීමේ දී ශල්‍ය මුහුණු ආවරණයක් රැ.15 ක උපරිම සිල්ලර මිලකටත් KN95 මුහුණ ආවරණයක් රුපියල් 100 උපරිම සිල්ලර මිලකටත් ලබාදීමට එකඟතාවක් ඇති විය.

පාලන මිලට මුහුණු ආවරණ ආවරණය ලබා දෙන්නේ ද යන වගත්, මුහුණු ආවරණවල ප්‍රමිතිය පිළිබඳවත් නිරතුරුව සොයා බලන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

වෛද්‍ය සැපයුම් ඒකකය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය යන ආයතන ප්‍රධානීන් ද මෙම සාකච්ඡාවට සහභාගි විය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements