Advertisement


අද වන විට පාරේ මිනිසුන් මැරී වැටෙන තත්වයක් උදා වී ඇතැයි සමගි ජන බලවේගය පාර්මේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

මහල් නිවාස ඇතුලේ මිනිසුන් කෑම ඉල්ලා කෑ ගසන බව ද පැවසූ ඔහු ඒවා ගැන කතා නොකර ගොං තර්ක දමන බවද පවසයි.

නූගතුන් පාර්ලිමේන්තු පැමිණෙනීමෙන් මෙවැනි තත්වයක් ඇති වූ බවත් කොරෝනා සම්බන්ධ ඇත්ත තත්වය හදවතින් අසන්නැයි ඔහු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන් ඉල්ලා සිටියේය.

වියතුන් කියා පාර්ලිමේන්තු පැමිණි අය සිදුකළේ කුඩ ඉල්ලීම, ටෝච් ඉල්ලීම, පැණි බෙදීම වැනි වැඩවලින් පාර්ලිමේන්තුව ජෝක් කිරීම බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

වසර දෙකක් යාමට පෙර මෙම ආණ්ඩු පන්නා දමන බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ කොරෝනා මර්දනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයේදී අදහස් පල කරමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements