Advertisement


පානදුර නගරයේ වෙළඳ සැලක් ඉදිරිපිට ඇද වැටුණු පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

පානදුර පොලිසිය සඳහන් කරන්නේ මෙසේ මියගොස් ඇති පුද්ගලයා පානදුර තන්තිරිමුල්ල ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයකු බවයි.

ඔහු ඊයේ දහවල් අවශ්‍යතාවයක් සඳහා පානදුර නගරයට පැමිණීමේදී වෙළෙඳ සැලක් ඉදිරිපිට ඇද වැටී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ඉන්පසු ඔහු ත්‍රීරෝද රථයකින් පානදුර රෝහලට ගෙන ගොස් ඇතත් රෝහල් ගත කිරීමේ දී මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

එම දේහය සඳහා කොරෝනා පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතව තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements