Advertisement


බොරැල්ල පොලිසියෙන් කොවිඩ් ආසාදිතයන් හමුවීමත් සමග නිල නිවෙස්වල නිරෝධායනට ලක්කළ පොලිස් පිරිසක් ගෙවල් වසා දමා ගම්බිම්වලට යාම සම්බන්ධව පරීක්ෂණයක් අරඹා ඇති බව අද අරුණ පුවත්පත හෙළිකර තිබෙනවා.

මෙම නිලධාරීන්ට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වා නිල නිවාස යළි පවරා ගන්නා ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න නියෝග කර ඇති බව එහි සඳහන්.

බොරැල්ල පොලිසියෙන් වැඩිම ආශ්‍රිතයන් පිරිසක් වාර්තාවීමත් සමග ඒ අසලම පිහිටි පොලිස් නිල නිවාසයද නිරෝධායනයට යොමු කරනු ලැබුවා.

නිරෝධායනයට ලක් කළ නිවාසවලට වියළි සලාක මලු බෙදාදීමට යාමේදී නිවාස හතක් වසා දමා තිබීමෙන් මේ බව හෙළිව තිබෙනවා.

ෙම් අතර බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් ආසාදිතයන් බවට පත් වූ හේතු සොයා පොලිස් බුද්ධි අංශ විමර්ශනයක් අරඹා ඇත. පොලිස්පති යටතේ ඇති පොලිස් විශේෂ කාර්යාංශය යොදවා මෙම විමර්ශනය අරඹා තිබුණා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට මසුන් ගැනීමට ගිය පොලිස් මුළුතැන්ගෙවල්වල සේවය කළ අයට කොවිඩ් වැලඳීමෙන් එය පොලිසියට ව්‍යාප්ත වූ බව මුලදී අනාවරණය වුණා.

ඊයේ (12 වැනිදා) උදෑසන වන විට පොලිස් පොකුරේ ආසාදිතයන් 639ක් වාර්තා වූ අතර 3740ක් නිරෝධායනයට යොමුකර ​තිබෙනවා . බොරැල්ල හා කොටුව පොලිස් ස්ථානවලින් වැඩිම රෝගීන් වාර්තා වුණා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements