Featured News

Video Gossip

Advertisement


රාගම රෝහලට ඇතුළත් කර සිටි මහර බන්ධනාගාර රැඳවියන් තිදෙනෙකු ඊයේ (1දා) වන දා මියගිය අතර ඒ සමග ම මෙම සිද්ධියෙන් මියගිය රැඳවියන්ගේ ගණන එකොළහක් දක්වා වැඩි වූ බව රාගම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා  පැවැසීය. 
මේ අතර ප්‍රතිකාර ලබමින් සිටින බන්ධනාගාර රැඳවියන් පිරිසක් රෝහල තුළදී කලහකාරී ලෙස හැසිරීම නිසා හැට දෙනකුගේ පී.සී.ආර්. පරීක්ෂණ තාවකාලිකව නතර කර දැමූ බව ද රෝහල් අධ්‍යක්ෂවරයා ‘මව්විම’ට පැවැසීය. 

මෙම පිරිස අතර සිටි මත්පෙති පානය කළ බවට සැකකළ හැකි පිරිසක් මෙලෙස කලහකාරී ලෙස හැසිරීම නිසා මෙම තීරණය ගැනීමට සිදුවූ බව ඒ මහතා කීය.

රාගම රෝහලට ඊයේ (1) සවස වන විට මහර බන්ධනාගාරයේ 114 දෙනෙකු ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටි බව ද ඒ මහතා පැවැසීය. 

මොවුන්ගෙන් පනස් දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණවලට භාජන කිරීමේදී ඔවුන්ගෙන් 38 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී ඇත. සෙසු පිරිසගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට යෑමේදී මෙලෙස කලහකාරී ලෙස හැසිරී ඇත.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements