Advertisement

ජාතික හෙළ උරුමයේ මහලේකම් ධුරයෙන් මෙන්ම එහි සාමාජිකත්වයෙන් පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා සමඟ තවත් 16 දෙනෙකු ඉවත් වී තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ගොඩනැගීමට නියමිත සමගි ජන පෙරමුණ පක්ෂයට එකතු වීම සඳහා බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පාඨලී චම්පික රණවක මහතාට අමතරව ජාතික හෙළ උරුමයේ සම සභාපති ධූරය දැරූ කරුණාරත්න පරණවිතාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නිශාන්ත ශ්‍රී වර්ණසිංහ හා නිරෝෂා අතුකෝරළ යන පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනාත් ඒ අතර වේ.

රටට අවශ්‍යව පවතින නව සමාජ බලවේගයක් ගොඩ නැගීම සඳහා තමන් ඇතුළු පිරිසක් ජාතික හෙළ උරුයෙන් මෙන් ඉවත් වන බව චම්පික රණවක මහතා ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික නියෝජ්‍ය සමුළුව අමතා ප්‍රකාශ කොට තිබේ.

ඒ අනුව බන්දුල චන්ද්‍රසේකර මහතා ජාතික හෙළ උරුමයේ නව ලේකම්වරයා ලෙස හිටපු සම සභාපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් නව සභාපතිවරයා ලෙසත් පත්ව තිබේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ගොඩනඟන නව පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය හෝ වෙනත් වගකිව යුතු ධූරයක් චම්පික රණවක මහතාටද හිමි වීමට ඉඩ තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements