Featured News

Video Gossip

Advertisement

ලංකාවට ආවොත් මරණ වේගයෙන් ඉහළට
PCR කළත් හසු වන්නේ නෑ

එංගලන්තයෙන් හඳුනාගෙන ඇති කොවිඩ් 19 නව වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවටද පැමිණීමේ අවදානමක් පවතින බව විද්වතුන් පෙන්වා දෙනවා.

එබැවින් මේ සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමුකළ යුතු බවයි රජයේ වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යා සංගමයේ නියෝජ්‍ය ලේකම් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික්‍රමරත්න පෙන්වා දෙන්නේ.

දැනටමත් මෙම වෛරසය පැතිරයාම හේතුවෙන් යුරෝපා රටවල් මෙන්ම දකුණු අප්‍රිකාව, තුර්කිය, ඊශ්‍රායලය මෙන්ම ඉන්දියාවද, බ්‍රිතාන්‍ය දක්වා ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ඉතා වේගයෙන් පැතිරයාම නව වෛරස් ප්‍රභේදයේ විශේෂත්වය බව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික්‍රමරත්න කියා සිටියා.

විශේෂයෙන් එංගලන්තය වැනි රටවලින් පැමිණෙන පුද්ගලයින්ගෙන් සහ ඔවුන් නිරෝධායනයට ලක් කිරීමේදී මෙම වෛරස් ප්‍රභේදය පැතිර යා හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වෛරස ප්‍රභේදයේ ඇතැම් කොටස්  PCR කළත් හසු වන්නේ නෑ

බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් නව කොවිඩ් වෛරස ප්‍රභේදයේ ඇතැම් ජානමය කොටස් පී.සී.ආර්. පරීක්ෂණවලට පවා හසු නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍ෂුද්‍ර ජීව විද්‍යා අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ ප්‍රකාශ කළා.

ඒ, එම වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

එසේම මෙම නව වෛරස් ප්‍රභේදය ඕස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය ඇතුලු තවත් රටවල් කිහිපයකින්ද වාර්තාවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් 40 කට අධික රටවල් ප්‍රමාණයක් බි්‍රතාන්‍යයට ගුවන් ගමන් අත්හිටුවීමටද පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.


ලංකාවට ආවොත් මරණ වේගයෙන් ඉහළට

මහා බ්‍රිතාන්‍ය තුළ පැතිරයමින් පවතින කොවිඩ් නව වයිරස් ප්‍රභේදය මෙරටට පැමිණියහොත් ආසාදිතයන්ගේ විශාල වැඩවීමක් සිදුවිය හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.

වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ එම නව වයිරස් ප්‍රභේදය කලින් වයිරසයට වඩා සියයට 70ක වේගයෙන් පැතිරෙන බවයි.

මහා බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමත් සමග එම වයිරස් ප්‍ර‍භේදය මෙරට ඇතුළු වුවහොත් කොවිඩ් මරණ ඉහළ යා හැකි බවද හෙතෙම සඳහන් කළා.

එම නිසා නව වයිරස් ප්‍රභේදය මෙරටට පැමිණීම වැළැක්වීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද වෛද්‍යවරයා සඳහන් කර සිටියා.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements