Featured News

Video Gossip

Advertisement


අලූත උපන් දරුවන් තිස් දෙනකු නීත්‍යනුකූල නොවන ආකාරයට රුපියල් ලක්ෂ ගණනකට මෙරට සහ පිටරට ධනවත් පුද්ගලයන්ට අලෙවි කළ බව කියන තැරැව්කරුවකු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් පෙරේදා (21) මාතලේ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුට එරෙහිව පැවති දීර්ඝ විමර්ශනයකින් පසුව ඔහු මාතලේ ප‍්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

අතවරයට ලක්වූ කාන්තාවන් මොරටුව ප‍්‍රදේශයේ නිවාස දෙකක රඳවා තබාගෙන ඔවුන් දරුවන් ප‍්‍රසූත කිරීමෙන් පසු සැකකරු එම දරුවන් දේශීය සහ විදේශීය ධනවතුන්ට අලෙවි කර ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

සැකකරුට අයත් මොරටුව ප‍්‍රදේශයේ නිවාස දෙකක් පොලිසිය විසින් වටලද්දී දරු ප‍්‍රසූතිය සඳහා සූදානමින් එහි සිටි මවුවරුන් 11 ක් ද පොලිසිය භාරයට ගැනීමට හැකිව ඇත.

සැකකරු දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති අතර මේ වනවිට පොලිසිය හෙළි කරගෙන ඇත්තේ ඔහු විසින් අලෙවි කළ බව කියන දරුවන් තිස්දෙනකු පිළිබඳව තොරතුරු පමණක් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

අන්තර්ජාලය ඔස්සේ එම දරුවන් අලෙවි කිරිම පිළිබඳව සැකකරු කර තිබූ හෙළිදරව්වක් ඔස්සේ විමර්ශන පැවැත්වූ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන්ට ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම සැකකරු දරුවන් අලෙවි කිරීම සඳහා අධිකරණ අවසරයකින් හෝ කිසිම ආකාරයක නීතිමය පියවරක් අනුගමනය කර නොතිබූ බව ද පොලිසිය පවසයි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements