Featured News

Video Gossip

Advertisement


ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා එම පක්ෂයෙන් ඉවත්ව සමගි ජනබලවේගය වෙත එක් වීමට සූදානම් වන බව  වාර්තා වේ.

එහි අවසන් තීරණය ලබන බදාදා (09දා) ගැනීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම එක්වීම පිළිබඳව සාකච්ඡුා වට කිහිපයක් මේ වන විට පවත්වා ඇති අතර එහි අවසන් සාකච්ඡාව එදින සිදු කෙරේ.

එහි දී සමගි ජන ජනබලවේගයේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පවතින ගැටලූ නිරාකරණය වුවහොත් පාඨලී චම්පික රණවක මහතා ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව සමගි ජන බලවේගය වෙත එක්වීමට නියමිතය.

එසේම එක්සත් ජාතික පක්ෂයේ නවීන් දිසානායක, අර්ජුන රණතුංග යන මහත්වරු ඇතුළු තවත් ඉහළ පෙළේ දේශපාලනඥයන් පිරිසක් සමගි ජන බලවේගය වෙත එක්වීමට මේවන විට කැමැත්ත පළකර ඇති බව වාර්තා වේ.

පාඨලී චම්පික රණවක මහතා එක්සත් ජාතික පක්ෂයට එක් වුවහොත් එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරය හිමිවීමට නියමිත බව ද සඳහන් වේ.

ඔහු සමගි ජන බලවේගය වෙත එක් වුවත් ජාතික හෙළ උරුමය විසුරුවා හැරීමක් සිදු නොවනු ඇති බවත් එය පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන්ගේ නායකත්වය යටතේ ඉදිරියට පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බවත් තවදුරටත් වාර්තා වේ.

මෙම පිරිස සමගි ජනබලවේගයට එක්කර ගැනීමත් සමග පක්ෂ ව්‍යවස්ථාව ද වෙනස් කර බලය විමධ්‍යගත කිරීමට පක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා එකඟ වී ඇත.

දිවයින 


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements