Featured News

Video Gossip

Advertisement


ගුවන්තොටුපල හා සංචාරකයන් දිවයිනට ගෙන්වා ගැනීම යලි ආරම්භ කෙරෙන ආකාරය පිළිබඳ තීරණය කිරීමට පත් කල සංචාරක හා සෞඛ්‍ය ඒකාබද්ධ කමිටුව සාකච්ඡා අරඹයි. කමිටුවේ පලමු සාකච්ඡාව ඊයේ(05) සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැත්විණ.

මෙම සාකච්ඡාවේදී ලබන වසර මුලදී ගුවන්තොටුපල හා සංචාරකයන් දිවයිනට ගෙන්වා ගැනීම යලි ආරම්භ කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ. 2020 මාර්තු මාසයේදී කොවිඩ් 19 පලමු රැල්ල අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන් හා සංචාරක බලධාරීන් එක්ව සකස් කල සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත් කාලීන කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.
මේ පිළිබඳ තවත් සාකච්ඡාවක් හෙටත් (07) සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැත්වීමට නියමිතය. මෙම කමිටු සාකච්ඡාව සඳහා සෞඛ්‍ය හා සංචාරක අමාත්‍යංශ බලධාරීන් සමඟ සංචාරක කේෂ්ත්‍රයේ ප්‍රවීණයන් කිහිප දෙනෙකු ද එක්ව සිටියහ.

ගුවන්තොටුපල හා සංචාරකයන් දිවයිනට ගෙන්වා ගැනීම යලි ආරම්භ කිරීම සඳහා ඉදිරි පියවර ගැනීම සඳහා වන සෞඛ්‍ය හා සංචාරක බලධාරීන්ගේ සමන්විත මෙම ඒකාබද්ධ කමිටුව පත් කෙරුණේ පහුගිය බ්‍රහස්පතින්දා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි හා රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදීය.

මෙම කමිටුවට ගුවන්තොටුපල විවෘත කිරීම හා සංචාරකයන්ට රට යලි විවෘත කිරීම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ආරම්භ කිරීමට කඩිනම් දිනයක් ලබාදෙන ලෙස උපදෙස් ලබාදී තිබේ.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පහුගිය සෙනසුරාදා (05) පාර්ලිමේන්තුවේදී කීවේ ලබන වසර මුලදී සංචාරකයන්ට රට යලි විවෘත කිරීමටත්, ගුවන්තොටුපල විවෘත කිරීමටත් හැකිවනු ඇති බවයි.

විදෙස් ගත ශ්‍රමිකයන් ගෙන්වීම ද අඛණ්ඩව සිදුවන බව ද ඇමතිවරයා මෙහිදී කියා සිටියේය.

– ප්‍රදීප් අනුර කුමාර


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements