Featured News

Video Gossip

Advertisement

ඔක්ස්ෆර්ඞ් සරසවියේ විද්‍යාඥවරිය ලංකාවට කියපු දේ

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ කොඩිඩ් 19 එන්නත අඩු සහ වැඩි ආදායම් රටවලට ප්‍රතිඵලදායක වනු ඇති බව එම එන්නත නිර්මාණය කිරීමේ පුරෝගාමී වූ ශ්‍රී ලංකාවේ උපත ලද වෛද්‍ය මහේෂි රාමසාමි ප්‍රකාශ කළා.

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේන සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සංවාදයකට එක්වෙමින් ඇය සඳහන් කර ඇත්තේ මේ වසර අවසන් වීමට පෙර එන්නත පුළුල් භාවිතයට යොදා ගත හැකි වනු ඇති බවයි.

කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නතක් නිපදවීම සඳහා ශ්‍රී ලාංකික දායකත්වයක් පැවතීම ආඩම්බර විය හැකි කරුණක් ලෙසයි මහකොමසාරිස්වරිය එහිදී පවසා ඇත්තේ.

කොවිඩ් 19 ගෝලීය වසංගතය අවසන් වූ වහාම දිවයිනට පැමිණීමට අදහස් කරන බව ඔක්ස්ෆර්ඞ් සරසවියේ විද්‍යාඥවරිය මහේෂි රමාසාමි සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ උපත ලද ඇය කොළඹ විශාකා විද්‍යාලයේ ද කෙටි කාලයක් අධ්‍යාපනය ලබා ඇති අතර, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට පෙනී සිට ඇත්තේ ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර විද්‍යාලයෙන්.

දැනට ඇය ඔක්ස්ෆර්ඩ් සරසවියේ ආචාර්යවරියක ලෙස ද සේවය කරනවා.

කොවිඩ් 19 එන්නතක් ශ්‍රී ලංකාවේ භාවිතය සඳහා යොදා ගත හැකිවනු ඇත්තේ ලබන පෙබරවාරි මාසයේදී බව ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඒ බව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ශ්‍රී ලංකාවට දන්වා ඇති බවයි.

එමෙන්ම, බ්‍රිතාන්‍යය විසින් පුළුල් භාවිතය සඳහා අනුමත කර ඇති ෆයිසර් එන්නත ශ්‍රී ලංකාවේ භාවිතයට යොදා ගැනීම ගැටලුකාරි බව අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන වැඩිදුරටත් සඳහන් කළා මේ අතර, කොරෝනා වෛරස් එන්නත් මගින් කොවිඩ් 19 ගෝලීය වසංගතය කඩිනමින් තුරන් වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

මේ වනවිට සාර්ථක කොරෝනා එන්නත් කිහිපයක් පිළිබඳව වාර්තා වන අතර, ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත බ්‍රිතාන්‍යයේ පොදු භාවිතයටද අවසර හිමිවුණා.

එමෙන්ම, චීනය සහ රුසියාව ඔවුන්ගේ ස්වදේශීය කොරෝනා එන්නත් ජනතාවට ලබාදීමට පියවර ගනිමින් සිටිනවා.

කෙසේ නමුත්, ජිනීවා නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් කියා සිටියේ කොරෝනා එන්නත්, වසංගතය මුළුමනින්ම අවසන් කිරීමේ කඩඉමක් නොවන බවයි.

කෙසේ නමුත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටේ‍රඩොස් ඇඩනම් ග්‍රේබියේසස් කොරෝනා එන්නත් නිෂ්පාදනය කිරීමේ ප්‍රගතිය හැඳින්වූයේ ‘අඳුරු උමගක් කෙලවරින් මතු වූ ආලෝකයක්’ ලෙසයි. එමෙන්ම, කොරෝනා එන්නතක් තමා විසින්ද ප්‍රසිද්ධියේ ලබාගැනීමට සූදානම් බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම, අමෙරිකාවේ ජනාධිපති ධූරයට තේරී පත්ව සිටින ජෝ බයිඩ්න් සහ හිටපු ජනාධිපතිවරුන් වන බැරක් ඔබාමා, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් සහ බිල් ක්ලින්ටන් කොරෝනා එන්නත් ප්‍රවර්ධනය සඳහා ඒවා ප්‍රසිද්ධියේ ලබාගැනීමට දක්වන අභිලාෂය ඔහුගේ ප්‍රසාදයට ලක්වුණා.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements