Advertisement


මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතනයක් විසින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට රුපියල් මිලියන 25ක අල්ලසක් ලබා දීමට උත්සාහ ගෙන තිබේ.

මෙලෙස මුදලක් ලබා දීමට උත්සාහ කර ඇත්තේ ෂැම්පු, ජෙල්, හෙයා ඩයි ෂැෂේ පැකට් අසුරන පොලිතින් භාවිතය තහනම් කිරීම මාස හයකින් කල් දමා ගැනීම සඳහාය.

අදාළ ව්‍යාපාරික නියෝජිතයා මේ රට මහා පරිමාණයෙන් එම කර්මාන්තයේ යෙදෙන ප්‍රමුඛ පෙලේ නිෂ්පාදන ආයතනයක අයෙකි.

අදාළ ව්‍යාපාරිකයා නියෝජිතයා ඇමතිවරයා හමුවේ දැනුම් දී ඇත්තේ අමාත්‍යාංශයේ කටයුත්තකට හෝ වෙනත් ව්‍යාපෘතියට රුපියල් මිලියන 25ක මුදලක් ලබාදීමට සූදානම් බවයි.

නමුත් ඇමතිවරයා දැනුම් දී ඇත්තේ මිලියන 25ක් නොව බිලියන 25 ක් දුන්නද පොලිතින් ඇසුරුම් තහනම් කිරීමට ගත් තීරණය නතර කරන්නට හෝ ආපසු ගන්නට තමන් සූදානම් නැති බවයි.

අදාල ව්‍යාපාරික ආයතනය දැනටමත් රුපියල් කෝටි 500ක් පමණ වටිනා ෂැෂේ පොලිතීන් අසුරන ගබඩා කරගෙන ඇතැයිද වාර්තා වෙයි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements