Advertisement

බ්‍රැන්ඩිස් සමාගට එරෙහි කූට නාටකයක රහස් රැසක් එළියට

මේ වන විට ලංකාව පමණක් නොව සමස්ත ලෝකයම මුහුණ දී සිටින්නේ අභියෝගාත්මක කාලයකට යන බව රහසක් නොවෙයි.විශේෂයෙන්ම ආර්ථික වශයෙන් ඇති වී තිබෙන අභියෝගවලට රටක් වශයෙන් මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳ බැරෑරුම් ප්‍රශ්නයට අපි මුහුණ දෙමින් සිටින්නෙමු.

මේ වන විට රටට විදේශ විනිමය ගෙන දුන් ශ්‍රමිකයින් සිය දහස් ගණනක් රැකියා අහිමිව ගොස් ලංකාවේ ගුවන්තොටුපල යළි විවෘත වන දිනය තෙක් මෙරටට පැමිණීමට මග බලා සිටියි.එසේම මෙම කොරෝනා රැල්ලේ අතුරු ප්‍රතිඵලයක් ලෙස මෙරට ව්‍යාපාර කඩා වැටීමෙන් අහිමි වූ සෘජු සහ වක්‍ර රැකියා ගණන ද ඉහළ අගයක් ගනියි.

මේ හේතුව නිසා අපනයනය තුළින් රටට විදේශ විනිමය ගෙන එන ආයතන මෙන්ම රට තුළ දැනට සක්‍රීය තත්ත්වයේ පවතින ආයතන රැකගැනීම රජයේ මෙන්ම සමස්ත රටවැසියාගේම වගකීමකි.නමුත් සුළු පිරිසක් මෙම යථාර්ථය තේරුම් නොගනිමින් මන්ද බුද්ධිකයන් සේ කටයුතු කරන බව කණගාටුවෙන් වුවත් කියන්නට සිදු වී ඇත.

රජය මගින් සිදු කොට ඇති පර්යේෂණවලින් හෙළි වී ඇති පරිදි කොරෝනා දෙවැනි රැල්ල ආරම්භ වී ඇත්තේ සීදුව ප්රදේශයේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටී ගුවන් යානා කාර්ය මණ්ඩල සේවකයන් පිරිසක් මගිනි.නමුත් බ්‍රැන්ඩික්ස් සමාගමේ සේවිකාවක් කොරෝනා රෝගය පෙළෙන බවට හෙළි වීමත් සමග සියලුම මාධ්‍ය පාහේ බ්‍රැන්ඩික්ස් සමාගම මෙම රැල්ලට වගකිව යුතු බවට මතයක් ගොඩනැගීමට උත්සාහ කළේය.

කලින් සඳහන් කළ ආකාරයටම මේ වන විට ඇත්ත කුමක්ද යන්න හෙළි වී ඇති පසුබිමක පවා ඇතැම් පිරිස් බ්‍රැන්ඩික්ස් සමාගම සහ එහි සේවක සේවිකාවන් ඉලක්ක කරගෙන කරගෙන ද්වේශ සහගත මඩ ව්‍යාපාරයක් ගෙන යමින් සිටින බව පැහැදිලිව පෙනෙන කරුණකි.

මේ පිරිස් උත්සාහ කරන්නේ කුමක්ද යන්න පැහැදිලි නැත.ප්‍රධාන වශයෙන්ම මොවුන් උත්සාහ කරනු ලබන්නේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන සේවක සේවිකාවන් හතලිස් දහසකට අධික පිරිසකට රැකියා අහිමි කිරීමය.ඒ හරහා සමස්ත රටේ ආර්ථිකයටම මරු පහරක් එල්ල කිරීම සිදුවනු ඇත.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements