Featured News

Video Gossip

Advertisement


මේ දිනවල සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ LPL ක්‍රිකට් තරඟ පැවැත්වෙන අතරතුර තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගෙන් ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් කර ඇත. දෙසැම්බර් 11 වෙනි දින ජනාධිපති ගෝටාබය රාජපක්ෂ විසින් නිකුත්කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් එම ඉවත්කිරීම සිදුකර තිබේ. එහෙත් පසුගිය අගෝස්තු 09 වනදින නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය යටත ක්‍රිකට් පාලක මණ්ඩය එක්කර තිබිණි.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට සමගාමීව පවතින ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයටද ක්‍රිකට් පාලක මණ්ඩලය ඇතුළත් කර නැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වන සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසුව ආණ්ඩුව අභ්‍යන්තරයේ වේගයෙන් සිදු කරමින් තිබෙන විවිධාකාරයේ වෙනස් කිරීම අතරට මෙයද අලුතින්ම එක්වී තිබේ. පැවති 19 වන සංශෝධනය අනුව මෙලෙස ජනාධිපතිවරයාට හිතූ හිතූ ආකරයට අමාත්‍යාංශ හෝ විශයන් පවරා ගැනීමට බාධාවක් පැවති අතර එම බාධාව මෙම 20වන සංශෝධනයෙන් වත්මන් ජනාධිපති ගෝටාබය රාජපක්ෂ මුළුමනින්ම ඉවත්කරගන්නා ලදී.





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements