Featured News

Video Gossip

Advertisement


සහන පොළියක් යටතේ රජය ලබා දෙන බව පැවසූ මූල්‍ය ණය පහසුකම් ලබා ගැනීමේදී ජනතාවට ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව තිබේ.

නත්තල් සහ නව අවුරුදු උත්සව සමයේ විවිධ අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් සෑම පවුලකට සියයට 0.625 පොළියක් යටතේ මාස 10ක් ඇතුළත ගෙවා නිම කිරීම සඳහා මූල්‍ය ණය රාජ්‍ය බැංකු මගින් ලබා දෙන බව පසුගිය දෙසැම්බර් 16 වන දා ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 

රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවයින්ට අදාළ ආයතනයේ ප්‍රධානියා විසින් සහතික කළ නාම ලේඛණය සේවා ස්ථානය අසළ රාජ්‍ය බැංකුව වෙත ඉදිරිපත් කිරීමෙන් එම බැංකු ශාකාව මගින් සේවකයාගේ ගිණුම්වලට නියමිත මුදල නොපමාව බැර කරන බව අදාළ නිවේදනයේ පැහැදිලිව සඳහන් කර තිබිණි. 

කෙසේවෙතත් මෙම නිවේදනය නිකුත් කර දින කිහිපයක් ගතවන තුරුද අදාල රාජ්‍ය බැංකු මගින් මෙම මූල්‍ය ණය ලබා දිය යුතු ක්‍රමවේදය පිළිබඳ නිසියාකාරව දැනුවත් කර නොතිබිණි. 

සහන පොළියට කඩිනමින් මෙම ණය මුදල බැංකු ගිණුම්වලට බැර කරන බවට රජය නිවේදනය කළ ද අදාළ ණය මුදල ඉල්ලුම් කිරීමේදී රාජ්‍ය බැංකු මගින් ඒ සඳහා විවිධ කොන්දේසි ඉදිරිපත් කර තිබේ. 

ඇතැම් ප්‍රධාන රාජ්‍ය බැංකු මෙම සහන ණය මුදල ලබා දීම සඳහා අයැදුම්පතක් පවා නිකුත් කර ඇති අතර ඊට වැටුප් වාර්තාවක් ඉදිරිපත් යුතුව තිබිණි.

සෑම පවුලකට ම මෙම ණය පහසුකම ලබා දෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළ ද, ණය ඉල්ලුම්කරු තවත් අයෙකු වෙනුවෙන් ඇපයක් අත්සන් කර ඇත්නම් මෙම සහන ණය ඉල්ලුම් කළ නොහැකි බව අප කළ විමසීමකදී ප්‍රධාන රාජ්‍ය බැංකුවක කළමණාකරුවෙකු පැවසීය.

ණය ඉල්ලුම්කරු මීට පෙර ලබාගත් ණය මුදලක වාරික ගෙවීම අඩාළවී ඇත්නම් මෙම ණය ලබාගත නොහැකිය. මෙම තත්ත්වය මත සහන පොළියට රජය මගින් ලබා දෙන ණය සහනය බොහෝ පිරිසකට සිහිනයක් බවට පත්ව ඇත.

කෙසේ වෙතත්, සහන පොළියට රජය ලබා දෙන මූල්‍ය ණය පහසුකම ලබා ගැනීමට කොරෝනා අවදානම ද නොතකා බැංකු ශාකා තුළ රස්තියාදු වීමට ජනතාවට සිදුව ඇත.

සහන ණය ලබා දීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements